අක්කන්න
ඖරංසෙබ් නම් මූගල් පාලකයාගේ කාලයේ ඉන්දියාවේ ගොල්කොණ්ඩ නම් රාජ්‍යයේ සිටි බමුණු පුරෝහිතයෙකි. හෙතෙම සට කපට පුද්ගලයෙකු වූ අතර මුස්ලිම් වරුන්ට හොඳ හිත පෙන්වමින් රහසේ ම මරාඨයන්ට සහය දුන්නේය.
ඖරංසෙබ් නම් මූගල් පාලකයාගේ කාලයේ ඉන්දියාවේ ගොල්කොණ්ඩ නම් රාජ්‍යයේ සිටි බමුණු පුරෝහිතයෙකි. හෙතෙම සට කපට පුද්ගලයෙකු වූ අතර මුස්ලිම් වරුන්ට හොඳ හිත පෙන්වමින් රහසේ ම මරාඨයන්ට සහය දුන්නේය.
ඉන්දියාවේ බෙරාර් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයකි. ඓතිහාසික වැදගත්කමක් තිබේ. මෙහි තිබී ශාතකර්ණී, පුලුමාවි,ශිව ශ්‍රී පුළුමාවි,කන්ද ශාතකර්ණි,යඥ සාතකර්ණී,පුලහාමවී ආදී නම් භාවිත කළ ශාතකර්ණිවරුන්ට අයත් කාසි හමුවී තිබේ. ඊට අමතරව කුම්භ ශාතකර්ණී ක්‍රිෂ්ණ සාතකර්ණී ශක ශාතකර්ණී ආදී නම් සහිත කාසි ද හමුවී තිබේ.
අකුව නම් මිනිස් උරයෙහි ඉදිරිපස හරස්ව පිහිටි අස්ථිය යි. බුද්ධාදී උතුමන්ගේ මේ අස්ථිය අකුධාතුව ලෙස හැඳින්වේ. නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් (කුසල් ද අකුසල් ද ශුන්‍ය තත්ත්වයට පත්ව සිදුවන පරිනිර්වාණය) පිරිනිවන් පා වදාළ බුදු සිරුර ආදාහනය කළ පසු එහි අස්ථි කොටස් විසිර ගිය බවත් සතර දළදා, ලලාට ධතු හා අකු ධාතු නොවිසිරී (කැබලි නොවී) ඉතිරි වූ බවත්
ඉන්දියාවේ මූගල් පාලන සමය පිළිබඳ ලියූ ලේඛකයෙකි. මොහු ලියූ ‘සාෆර්නාම’ නමැති කෘතියෙන් මුගල් සිහසුන සඳහා පැවති අභ්‍යන්තර අරගල පිළිබඳ තොරතුරු හෙළිකරගත හැකිය.
රාසි, අකීල් ඛාන් (අකීල් ඛාන් රාසි) Read More »
කර්මයක් නැතැයි පවසන වාදය. යම් ක්‍රියාවක විපාක ගෙනදෙන කර්මයක් කියා දෙයක් නැතැයි විශ්වාස කිරීම. බුද්ධකාලීන භාරතයේ සිටි පූර්ණ කස්සප අකිරියවාදියෙකි. ඔහුගේ දර්ශනය අනුව, පරපණ නැසීම, මං පැහැරීම, පරඹුවන් ඇසුර, බොරු කීම ආදී කිසිවක් පාප ක්‍රියා නොවේ. ඊට අමතරව, දන් දීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංයමයෙන්, සත්‍ය පැවසීමෙන් පිනක් ද සිදු නොවේ. මේ අකිරියවාදයේ මුඛ්‍ය ඉගැන්වීම් ය.
මෙය ඍග් වේදයේ එන වදනකි. වෛදික ආර්යයෝ ඉන්දියාවට පැමිණෙන විට සිටි ස්වදේශිකයන්ව හැඳින්වීමට යෙදූ එක් නමකි. වෛදික ඇදහිලි නොපිළිපදින යන අර්ථය එහි ඇත.
දහඅටවන සියවසේ දී මධ්‍යම ඉන්දියාවේ වාසය කළ ප්‍රබල මරාඨ ජාතික පවුලකි. දේශපාලනමය වශයෙන් වැදගත්කමක් හිමි කරගෙන සිටි පවුලකි. මේ පවුලේ සාමාජිකයෙකු වූ තුරාජි අංග‍්‍රියා මරාඨ නාවික හමුදාවේ ප්‍රධානියා විය. එහෙත් ඔහුට විරුද්ධව ක‍්‍රියාත්මක වූ තවත් මරාඨයෙකු වූ පේෂ්වා නම් නායකයා ඉංග්‍රීසි ආධාර ඇතිව අංග‍්‍රියා අත්අඩංගුවට ගෙන ඔහුගේ නාවික හමුදා වනසා දමන ලදී. පේෂ්වා ජය ගත්
පුරාවිද්‍යාත්මකව නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැතත් මේ නමින් හැඳින්වෙන්නේ බුද්ධ කාලීන ඉන්දියාවේ සිටි අංගුලිමාල නම් දාමරික බමුණු පුත්‍රයා බුදුරදුන් වෙත පැහැද මහණව රහත් බවට පත් වූ තැන හෝ පිරිණිවන් පා වදාළ තැන ඉදි කළ ස්ථූපය යි. ඉහත ස්ථාන දෙකෙහි ම චෛත්‍ය තිබූ බැව් ෆාහියන් හිමි සඳහන් කර ඇත. අංගුලිමාල මිථ්‍යාමතය අත්හළ තැන චෛත්‍යයක් ඉදි කොට තිබුණේ
අංගුරි බාග් මූගල් පාලන සමයේ දී සා ජහාන් අධිරාජයා විසින් අග්‍රා හි ඉදිකළ ගොඩනැගිල්ලකි. මෙය ජහන්ගීර් මහල් නම් මන්දිරයට උතුරින් පිහිටා ඇත.