Eduhelp Admin1

අක්ෂවාප

ඉන්දියාවේ වෛදික යුගයේ රාජ්‍ය නිළධාරියෙකි. රජුගේ බලය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග, රාජ්‍ය පාලන කටයුතු තරමක් සංකීර්ණ වීමත් සමග බිහිවූ තනතුරක් ලෙස හඳුන්වාදිය හැක. මොහුගේ වගකීම වූයේ දාදු ක‍්‍රීඩාව මෙහෙයවීමයි. ඇතැම්විට එයින් රජයට හිමිවියයුතු බදු අයකර ගැනීම ආදී වගකීම් ඔහු වෙත තිබෙන්නට ඇත.

අක්ෂවාප Read More »

අක්ෂපාද ගෞතම

ඉන්දියාවේ ගුප්ත රාජවංශ පාලන සමයේ පැතිරගිය ආගමික මතවාදයක (න්‍යායවාදය) ආදි තකුවරයාය. (බස්නායක එච්. ටී., පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය, 1998 මුද්‍රණය 298 පිට) පැහැදිලිව සිතීම හා තර්කානුකූල විචාර ශක්තිය මෝක්ෂය ලැබීම සඳහා අනුගමනය කළයුතු මාර්ගය වශයෙන් පෙන්වා දුන්නේ මෙතුමාය. මෙය ෂඩ් දර්ශන  වලින් ද එකකි. එහෙත් බෂාම් මහත්මා කියන්නේ මෙය ධර්මවාදයකට වඩා තර්ක හා ඥාන විභාගවාදයක් සේ

අක්ෂපාද ගෞතම Read More »

අක්මල් ඛාන්

ඉන්දියාවේ මූගල් පාලන සමයේ වයඹදිග දේශසීමාවේ සිටි කැරලිකාර ගෝත්‍රික කණ්ඩායමක නායකයෙකි. ඖරජසෙබ් ගේ කාලයේ මොහු අෆ‍්‍රිදිවරුන්ට නායකත්වය දෙමින් දේශසීමාවේ අවුල්සහගත තත්ත්වයක් ඇතිකළේය.

අක්මල් ඛාන් Read More »

අක්බර්(ඖරංසෙබ් පුත්‍ර)  

ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයේ අවසන් ශ්‍රේෂ්ඨ පාලකයා වූ ඖරංසෙබ්ගේ පුත්‍රයාය. අධිරාජයා යටතේ චිතෝර් ප්‍රදේශය භාරව සිටිය ද පියා සමග ආරවුලක් ඇතිකරගෙන පියාට විරුද්ධව රාජ්පුත් වරුන්ට එක්වී කැරලි ගැසීය. මියගියේ පර්සියාවේ දීය.

අක්බර්(ඖරංසෙබ් පුත්‍ර)   Read More »

අක්බර් නාම/ අක්බර් නාමා

ඉන්දියාවේ මූගල්වරුන්ගේ යටගියාව පිළිබඳ තොරතුරු සඳහන් වන මූලාශ‍්‍රයකි. අක්බර් අධිරාජයාගේ නියමය පරිදි අබුල් ෆස්ල්(1551  -1602) විසින් රචනා කරන ලද්දකි. සිය පාලන සමයේ උත්කර්ෂවත් සිද්ධි, ජයග්‍රහණ හා අධිරාජයාගේ ආධිපත්‍යය පිළිබඳව තොරතුරු ඇතුළත් කොට කෘතියක් කරන ලෙස අබුල් ෆස්ල් ලැබූ නියෝගය ඔහු ඉතා විශිෂ්ට ලෙස ඉටු කළේය. දේශපාලනඥයෙක්, තානාපතියෙක් හා සෙන්පතියෙක් ද වූ අබුල් ෆස්ල් අක්බර්ගේ මිත්‍ර

අක්බර් නාම/ අක්බර් නාමා Read More »

අක්බර් 2

1806-1837 කාලයේ ඉන්දියාවේ මුගල් අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් පත් වූ දුර්වල නායකයෙකි. ඉංග්‍රීසීන්ගේ රූකඩයක් වූ හෙතෙම දිල්ලියේ රතු බලකොටුවට වී පාලන කටයුතු කළේය.

අක්බර් 2 Read More »

අක්බර් 1(පළමු අක්බර් හෙවත් මහා අක්බර්)

ඉන්දියාවේ මූගල් යුගය ගවේෂණයේ දී හමුවන නමකි. හුමායන් නම් මූගල් නායකයාගේ පුත්‍රයාය. ක්‍රි. 1541 දී උපන් මොහු වයස අවුරුදු දහතුනේ දී එනම් 1556 දී, පංජාබයේ කලානවුර්හි දී සිංහාසනාරූඪ විය. 1605 (1506?) දක්වා රජය හෙබවීය. පළමුවන එලිසබෙත් රැජිණට සමකාලීන පාලකයෙකි. අධිරාජ්‍යයේ පැවැත්ම හා උන්නතිය සම්පූර්ණයෙන් ම ආගමික නිදහස මත රඳා පවතින්නේ යැයි විශ්වාස කළ මෙතුමා අන්‍යාගමිකයන්

අක්බර් 1(පළමු අක්බර් හෙවත් මහා අක්බර්) Read More »

අක්බරත් ඉ දර්බාර් ඉ මුල්ලා

මූගල් පාලක ඖරංසෙබ් සමය පිළිබඳ තොරතුරු ඇතුළත් වන කෘතියකි.  රජුගේ කඳවුරු මධ්‍යස්ථාන වල සිට දිනපතා යවන ලද ලිපි රැසක් එක්රැස් කර මෙම කෘතිය සංග්‍රහ කර ඇත.  

අක්බරත් ඉ දර්බාර් ඉ මුල්ලා Read More »

අක්කාදේවී

පැරණි ඉන්දියාවේ දෙවන ජයසිංහ(1015-1042) නම් චාලූක්‍ය රජුගේ සොයුරියයි. මෙම යුගයේ ඉන්දීය වනිතාවෝ දේශපාලන කාර්යයට දායක වූ බවට හොඳ ම සාධකය වන්නේ මැයයි. මැය ප්‍රාදේශීය ආණ්ඩුකාර ධුරයක් ද දැරුවාය.

අක්කාදේවී Read More »