Eduhelp Admin1

අග්නි

වෛදික යුගයේ ගින්න දේවත්වයට පත්වූයේ මේ නමිනි. ඍග් වෛදික යුගයේ දී ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ දෙවියා අග්නි ය.ඉන්ද්‍ර, අග්නි හා සූර්ය මේ යුගයේ ප්‍රධාන දෙවිවරු තිදෙනා වශයෙන් පිළිගැනුනි. ගිතෙල් මුහුණක්, ගිතෙල් කෙස්වැටියක් හා ගිතෙල් පිටක් සහිත වූ අග්නිට අත් පා නොවී යැයි පිළිගැනුනි. අග්නි යන්නෙහි වාච්‍යාර්ථය ‘ගින්න’ යන්නයි. ගින්නෙහි ඇති නොයෙකුත් ගුණ නිසා පුරාණ ඉන්දියාවේ […]

අග්නි Read More »

අග්ගි බ්‍රහ්මා

ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ සොයුරියගේ ප්‍රත්‍රයා ය. සංඝමිත්තා තෙරණියගේ ගිහිකල ස්වාමිපුරුෂයා ය. සුමන සාමණේරයන් වහන්සේගේ පියා ය. මහින්ද කුමරුන් සමග ම මහණ වී රහත් භාවයට පත්වී යැයි සමන්තපාසාදිකාවේ හා මහාවංසයේ සඳහන් වේ.

අග්ගි බ්‍රහ්මා Read More »

අග්ගඤ්ඤ සූත්‍රය

බෞද්ධ සූත්‍රයකි. දීඝනිකායට අයත්ය. මනුෂ්‍ය ජාතිය අතර තමන් උසස් යැයි බ්‍රාහ්මණයන් අතර තිබූ මතයේ සත්‍යාසත්‍යතාව, පැහැදිලි කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මෙය දේශනා කරන සමය වන විට බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයේය. මෙම සූත්‍ර දේශනාව අතිශය වැදගත් වන්නේ පෘතිවියේ ඇතිවීම, නැතිවීම, මනුෂ්‍ය සංහතියේ ඇතිවීම, විකාශය, විනාශය ආදිය පිළිබඳ බෞද්ධ මතය

අග්ගඤ්ඤ සූත්‍රය Read More »

අගස්ති/අගස්ත්‍ය ඍෂිවරයා

මහසමුද්‍රයේ ජලය එකවර දෝතට ගෙන පානය කළේ යැයි සැලකෙන සෘෂිවරයෙකි. පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ද අගස්ත සෘෂිවරයා යැයි සී.එෆ්. වින්ස් මහතා ප්‍රකාශ කර ඇත. ඇන්ඩෲස් නෙල් මහතා ද ඔහුට එකඟව අදහස් දක්වා ඇත. අග්නිදිග ආසියානු ජාවා දූපතෙන් හමු වූ ; දැනට බතාවියා කෞතුකාගාරයේ තැම්පත්කොට ඇති අගස්ති සෘෂි රුවට පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව සමාන බවක්

අගස්ති/අගස්ත්‍ය ඍෂිවරයා Read More »

අගසිලවුස්

වයඹ දිග ඉන්දියාවේ කුෂාණ පාලන සමයේ සිටි ග්‍රීක කලාකරුවෙකි. ඉංජිනේරුවෙකි. කණිෂ්ක රජු වෙත සේවා සැපයූ ඔහු පෙෂාවෝරයේ ධාතුමන්දිරය තැනීමට සැලසුම සකස්කර දුන් බව සඳහන් වේ.

අගසිලවුස් Read More »

අගමෙහෙසි

අග්‍රමහේෂිකා. ප්‍රධාන බිසව. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද(අග්‍රමහීෂි) භාවිත වූ නාමයකි. පශ්චාත් වෛදික යුගයේ දී  රජුට බිසෝවරුන් තිදෙනෙකු සිටි අතර ඉන් අග්‍ර බිසව ‘මහීෂි’ නමින් ද සෙසු බිසෝවරුන් පිළිවෙළින්, ‘වාවාතා’, ‘පරිවෘක්තී’ හා ‘පලාගලී’ නමින් හඳුන්වා තිබේ. ලංකාවේ දී රන්දෝලිය නමින් මහනුවර සමයේ හමුවන්නේ ද ඇය යි.

අගමෙහෙසි Read More »

අක්ෂොභ්‍ය

මහායාන බුදු සමයේ ඉගැන්වෙන ධ්‍යානී බුදුවරුන් පස්දෙනා අතරින් දෙවැනි බුදුන් වහන්සේයි. නැගෙනහිර දිශාවේ පිහිටි අභිරති නමැති ලෝකයේ වැඩවාසය කරන්නේ යැයි මහායානිකයෝ විශ්වාස කරති. දෙවන සියවස අයත් ‘විමලකීර්ති නිර්දේශ’ නම් කෘතිය උපුටා දක්වන සිංහල විශ්වකෝෂය කියන්නේ අක්ෂොභ්‍ය බුද්ධ වන්දනාව ඉතා දිගු ඉතිහාසයක් සහිත බවය. මෙම බුදුරුව මූර්තිමත් කිරීමේ දී දකුණත භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වම් අත

අක්ෂොභ්‍ය Read More »