අජිත
ඉන්දියාවේ විශාලා මහනුවර වාලුකාරාමයේ පැවත්වූ දෙවන ධර්ම සංඝායනාවේ දී භික්ෂූන්වහන්සේලාට අසුන් පැනවීම භාරව සිටි භික්ෂූන් වහන්සේ ය.
ඉන්දියාවේ විශාලා මහනුවර වාලුකාරාමයේ පැවත්වූ දෙවන ධර්ම සංඝායනාවේ දී භික්ෂූන්වහන්සේලාට අසුන් පැනවීම භාරව සිටි භික්ෂූන් වහන්සේ ය.
ක්‍රි. පූ. 490-458පමණ, එනම් බුදුන් වහන්සේට සමකාලීනව ඉන්දියාව පාලනය කළ බිම්බිසාර රජු ගේ හා කොසොල් රජු ගේ සොයුරිය වූ කෝසල දේවිය ගේ පුත්‍රයා ය. මොහුට කුණීක යනුවෙන් අප්‍රකට නමක් ද විය. පුරාණ ග්‍රන්ථ අනුව මොහු ශිශුනාග පරපුරට අයත්ය. එහෙත් බෞද්ධ ග්‍රන්ථ අනුව මොහු හර්යංක වංශිකයෙකි. අශ්වඝෝෂයන්ගේ බුද්ධචරිතයේ ද මහාවංසයේ ද සඳහන් වන්නේ මොහු හර්යංක වංශිකයෙකු
ඉන්දියාවේ ගුප්ත රාජවංශයේ පාලන සමයට සමකාලීනව අවුද්(අයෝධ්‍යා) ප්‍රදේශයේ සිටි පාලකයෙකි. ගුප්තවරුන් විසින් මොහුගේ රාජධානිය ද ඔවුන්ගේ රාජ්‍යයට ඇඳා ගන්නා ලදී.
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා වූ ද පර්වතයක බිත්තියෙහි පිහිටි මෙම ලෙන් ක්‍රි.පූ. 2 සියවස- ක්‍රි.ව. 7 සියවස අතර කාලයේ වරින් වර ඉදි කර ඇත. කාලයාගේ ඇවෑමෙන් වනයෙන් වැසී ගිය මෙම ලෙන් සංකීර්ණය 1818 දී
විජයනගර රාජ්‍යයේ සිටි පාලකයෙකි. (ක්‍රි.ව. 1529-1542) ඔහුට පෙර සිටි කෘෂ්ණදේවරාය නම් අසහාය රජු ගේ වෛමාතෘක බෑයා ය. බලයට පත් වූ පසු, තමාගේ එදිරිවාදියෙකු වූ මදුර ප්‍රතිරාජයාට සහය දුන් ට‍්‍රැවන්කෝරයේ රජු මර්ධනය කිරීමට ක‍්‍රියා කළේය. මොහුගේ පාලන කාලයේ දී රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධවීමට සිය සොහොයුරන් දෙදෙනෙකුට ද අවස්ථාව දීම නිසා සෙස්සෝ ඊට විපක්ෂ වූහ. මේ
සමුද්‍රගුප්ත රජුගේ උතුරු ඉන්දීය යුධ ව්‍යාපාරයේ දී ඔහු අතින් පරාජය වූ රජෙකි. නාග වංශිකයෙකි. ක්‍රි.ව. 1529-1542 අතර කාලයේ විජයනගර රාජ්‍යයේ පාලකයා වූ අච්‍යුතරාය ද මේ නමින් ම හැඳින්වේ. එහෙත් ඔහු එතරම් දක්ෂ හෝ ජනප්‍රිය පාලකයෙක් නොවූ වගක් පෙනෙයි. අච්‍යුතරාය යටතේ බලන්න.
භාරතීය අගමක අනුගාමික පිරිසකි. නග්නව හැසිරෙන පරිබ්‍රාජක විශේෂයකි. උග්‍ර තවුස්දම් රකින්නන් විශේෂයකැයි පිළිගැනේ. සේලයක් හෙවත් සිව්රක් නොදරන නිසා මේ නමින් හඳුන්වා ඇත.
හින්දු විශ්වාස අනුව ඉන්දියාවේ පංච ගංගාවන්ගෙන් එකකි. ගංගා, යමුනා, සරභූ, මහී යනු සෙසු ගංගාවන් වේ. අචිරතී නදිය අනවතප්ත විලෙන් ඇරඹී නැගෙනහිර දෙසට ගලාබසින්නේ යැයි හින්දු විශ්වාසයේ වේ.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි පළාතකි. වර්ග සැතපුම් 1861ක් පමණ වන මේ ප්‍රදේය මැදින් යමුනා නදිය ගලා යයි. මෙහි ප්‍රධාන නගරය ද අග්‍රා නම් වේ. එය යමුනා නදියෙහි දකුණු ඉවුරෙහි පිහිටා ඇත. අග්‍රාව ගොඩනැංවූයේ මුස්ලිම් වරුන් විසිනි. ක්‍රි. ව. 1500 දී සිකන්දාර් ලෝදි මෙහි සිය රජමාළිගය ඉදි කළ අතර 1526 දී බාබර් රජු අග්‍රාව සිය පාලනයට
දීමනාවකි. බ්‍රාහ්මණයින් සඳහා පැරණි ඉන්දීය පාලකයන් විසින් (විශේෂයෙන් ම ක්‍රි.ව. 300-700 අතර කාලයේ) සිදුකළ ඉඩම් දීමනාවන් මේ නමින් හඳුන්වන ලදී.