Eduhelp Admin1

අතපැන් වත්කිරීම

යම් ප්‍රදානයක් කිරීමේ දී ප්‍රදානය කරන්නා විසින් ලබන්නාගේ අතට කෙණ්ඩියකින් පැන් වත්කර පිරිනැමීම. මෙය පුරාණ භාරතයේ තිබූ චාරිත්‍රයකැයි පිළිගැනේ. විනය පිටකයට අයත් මහාවග්ග පාළියේ සඳහන් වන්නේ  බිම්බිසාර රජු බුදුරදුන් වෙත වේළුවනාරාමය පිදුවේ මේ ආතාරයට බව යි. භාරුත් ස්ථූප කැටයන් ඵලක අතර තිබූ හමු වූ ජේතවන පූජාව දැක්වෙන කැටයමේ සුදත්ත හෙවත් අනාථපිණ්ඩික සිටුවරයා බෝධි වෘක්ෂයකට ජලය […]

අතපැන් වත්කිරීම Read More »

අට්ටාල

නගර, රාජධානි, මාළිගා හා බලකොටු ආදියේ ආරක්ෂාව පිණිස ප්‍රාකාර මත ආදී උස් ස්ථානවල ඉදිකරන චතුරස්‍රාකාර මුරකොටු විශේෂයකි. පැරණි භාරතයේ පාඨලීපුත්‍ර නගරයේ ප්‍රාකාරය මත අට්ටාල 570ක් වී යැයි මිගැස්තිනීස් සඳහන් කර තිබේ. පුරාවිද්‍යාත්මක කැණීම් වලදී ද මේ වැනි අට්ටාල නටබුන් හමු වී තිබේ.

අට්ටාල Read More »

අටුවාව

ත්‍රිපිටකාදී ග්‍රන්ථයන්ගේ ඇතුළත් අරුත් අපැහැදිලි වදන් පැහැදිලි කිරීම පිණිස ලියූ අර්ථ විවරණ ග්‍රන්ථ විශේෂය.

අටුවාව Read More »

අඤ්ඤාකොණ්ඩඤ්ඤ

පස්වග තවුසන් අතරින් ප්‍රධානියා ය. බුද්ධ දේශය පළමුව අවබෝධකරගත් භික්ෂුව යි.සිද්ධාර්ථ ගෞතමයන්ට නම් තැබීමේ උත්සවයට සහභාගී වූ ලාබාල ම බ්‍රාහ්මණයා ය. එහි දී කුමරුන් බුද්ධත්වයට පත්වන්නේ යැයි ස්ථිර වශයෙන් ම කී බමුණා ද වේ.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ Read More »

අජ්මර්

ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. දකුණු ජායිපූර් ආසන්නයේ තිබෙන්නට ඇත. උත්තමභද්‍ර වංශයේ පාලකයන් මේ ප්‍රදේශය පාලනය කළහ.

අජ්මර් Read More »

අජිත කේශකම්බල

ලෝකායතවාදය හෙවත් උච්ඡේකවාදය ඉගැන්වූ බුද්ධකාලීන ශ‍්‍රමණයෙකි. මිනිස් හිසකෙස් වලින් කළ කම්බිලියක් දැරූ නිසා කේශකම්බල යන නම ලැබීය. ඔහුගේ ඉගැන්විම් වලට අනුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් ලෝකය සැදී තිබේ. පුද්ගලයා බිහිවන්නේ ද මේවායේ එකතුවෙනි. මරණයත් සමග යළි ඒවා ලෝකයේ පවතින භූත කොටස් හා එක් වේ. නැවත ඉපදීමක් හෝ සසර සරණ ආත්මයක්් නැත.

අජිත කේශකම්බල Read More »