Eduhelp Admin1

අනුපිය

ඉන්දියාවේ කපිලවස්තු පුරයට නැගෙනහිර දෙසින් පිහිටි ග්‍රාමයකි. මෙහි වූ අඹවනයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

අනුපිය Read More »

අනුපදේශය

උතුරු ඉන්දියාව හා දකුණු ඉන්දියාව වෙන් කරන වින්ද්‍යා කඳු වලට ආසන්නව ගලා බසින නර්මදා නදියේ නිම්නය යි.

අනුපදේශය Read More »

අනාථපිණ්ඩික

භාරතීය බෞද්ධ ඉතිහාසයේ හමුවන දානපති සිටුවරයෙකි. සුදත්ත නමින් ද හැඳින්වේ. සැවැත්නුවර සුමන නම් සිටුවරයාගේ පුත්‍රයාය. පුණ්ණලක්ඛණාවගේ ස්වාමිපුරුෂයාය. මෙතුමාට මහා සුභද්‍රා හා චූලසුභද්‍රා නමින් දියණියන් දෙදෙනෙක් ද, එක් පුත්‍රයෙක් ද විය. බුද්ධ කාලීනව බුදුසසුනේ අග්‍ර දායකයා වූයේ මෙතුමාය. අනාථ පුද්ගලයන්ට පිහිට වූ නිසා අනාථපිණ්ඩික නම ලැබීය. බුදුරදුන් වැඩි ම වාර ගණනක් වස් විසූ ජේතවනාරාමය(දෙව්රම්වෙහෙර) අතිවිශාල ධනස්කන්ධයක්

අනාථපිණ්ඩික Read More »

අනර්ත

ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. කුෂාණ වරුන්ට පසු උතුරු ඉන්දියාවේ කොටසක බලයට පත් වූ කාර්දමකවරුන් අතර එක් නායකයෙකු වූ චෂ්ටන මෙම ප්‍රදේශය ද පාලනය කර ඇත.

අනර්ත Read More »

අනන්තවර්මන් චෝඩගංග

ක්‍රි.ව. 1078-1150 අතර කාලයේ කාලිංගයේ පාලකයා ය. කාලිංගය බලවත් තත්ත්වයට පත්වූයේ මෙතුමා යටතේ ය. ගංග වංශිකයෙකි. රාජරාජ දේවේන්ද්‍රවර්මන් රජුගේ පුත්‍රයා ය. පොළොන්නරු යුගයේ දී ලංකාවේ රජ කළ චෝඩගංග රජු ද මෙතුමාගේ ඥාතියෙකැයි පිළිගැනේ.

අනන්තවර්මන් චෝඩගංග Read More »