අන්තපාල
භාරතීය දේශපාලන තන්ත්රය අනුව මේ නමින් හඳුන්වා ඇත්තේ රාජ්‍ය දේශසීමා ආරක්ෂකයා ය.
දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ. ලංකාවේ දී මහා කාල යනුවෙන් හඳුන්වා ඇත්තේ යම යැයි පරණවිතාන මහතා විශ්වාස කරයි.
ඇතුළුපුරය හා එහි රජුගේ අප්‍රධාන බිසෝවරුන් වාසය කරන කොටස. මහිෂී හෙවත් අගබිසව අන්තඃපුරයේ ප්‍රබල චරිතයක් වූ නිසා මෙම අප්‍රධාන බිසෝවරු හා රජු පවා තරමක් බියෙන් පසුවී යැයි බෂාම් සඳහන්කර තිබේ. අර්ථශාස්ත්‍රයේ සඳහන් වන්නේ අන්තඃපුර කාන්තාවන් සිටි පරිශ්‍රය මනා කොට රැකවල්ලා තිබූ බවත් හිතුමනාපයේ ඔවුන්ට ඉන් පිටතට යෑමට නොහැකි වූ බවත් ය.
ගංගාවකි. කෝලිය දේශය මේ ආශ‍්‍රිතව පැවති බව කණිංහැම් මහත්මා විශ්වාස කරයි. බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන්නකි. වත්මන් ඉන්දියාවේ අවුද් හෙවත් පැරණි අයෝධ්‍යා ප්‍රදේශයේ ඇති කුඩා ගංගාවක් යැයි සිංහල විශ්වකෝෂයේ දක්වා තිබේ. ඒ්.සී. කාලයිල් මහතා විශ්වාස කරන්නේ ‘කුද්වා’ නමින් වර්තමානයේ හඳුන්වන්නේ මේ ගංගාව බව යි.
භාරතීය වෛදික යුගයේ විවාහ ක්‍රමයකි. උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම යි. නමුත් මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ දෙවන වර විවාහයකදී ය. ඒ පමණක් නොව පළමු විවාහයේ කාන්තාව පුරුෂයාගේ ම කුලයේ කාන්තාවක් වූ විට ය.
පුරාණ ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ පාලක අජාතශතෘ රජුගේ පුත් උදායින් හෙවත් උදයභද්ද රජුට පසු රජවන්නේ මොහුය. මොහු උදයභද්ද රජුගේ පුත්‍රයා යැයි ද පීතෘ ඝාතක රජෙකු යැයි ද මහාවංසය කියයි. (බලන්න.මහාවංසය සිව්වැනි පරිච්ඡේදය 1-3 ගාථා) එහෙත් උදයභද්ද රජු මිය ගියේ දේශනයකට සවන්දෙමින් සිටිය දී ශ‍්‍රමණධාරියෙකු විසින් කිණිස්සකින් ඇනීම නිසා යැයි ද මතයක් පවතී.
දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. ඇයගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ. පණ්ඩුකාභය කුමරුන්ගේ මුත්තනුවන් ද වන මොහු පණ්ඩුකාභය කුමරු සිය මාමා වරුන් මරා අනුරාධපුරයට පැමිණෙන විට එහි මාළිගාවක විසූ බවත් පසුව පණ්ඩුකාභය කුමරුන්ට එම මාළිගාව ලබා දී ඉවත්ව ගිය බවත් සඳහන් වේ.