අප්‍රතිහත ඡත්‍ර
ඉන්දියාවේ සාතවාහන රාජ වංශයට අයත් පළමු ශාතකර්ණී රජු( ක්‍රි.පූ 1සියවස) භාවිත කළ විරුද නාමයකි
ඉන්දියාවේ සාතවාහන රාජ වංශයට අයත් පළමු ශාතකර්ණී රජු( ක්‍රි.පූ 1සියවස) භාවිත කළ විරුද නාමයකි
සත්වන සියවසේ දකුණු ඉන්දියාවේ ජීවත් වූ ශෛව ආචාර්ය වරයෙකි. පසුකාලයේ ශිව ශාන්තුවරයෙකු වශයෙන් ප්‍රකට විය. එතුමා ශිව දෙවියන් වෙනුවෙන් ගීතිකා හතලිස් නව දහසක් කරවූ බව පැවසෙතත් දැනට ඉතිරිව ඇත්තේ ගීතිකා 313ක් පමණි. තේවාරම් නම් ප්‍රකට ශෛව ග්‍රන්ථ හතෙන් තුනක් අප්පාර් ස්වාමි විසින් කරවා තිබේ.
ථෙරවාද බෞද්ධ දර්ශනයට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා යොදන ලද අපර නාමයකි. ප්‍රතිමාවක් වශයෙන් පෙන්විය නොහැකි, මූර්තිමත් කළ නොහැකි යන අරුතින් යෙදී තිබේ.
ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි. වෛදික යුගයේ කාන්තාව විඳි නිදහස පිළිබඳ සාධකයකි. අපාලා නමින් ද මේ කාලයේ ඇය වැනි ම කාන්තාවක් වාසය කර ඇත.
ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි. පශ්චාත් වෛදික යුගයේ මෙන් නොව ඍග් වෛදික යුගයේ දී කාන්තාවට තිබූ නිදහස පිළිබඳ ප්‍රබලත ම සාධකයක් වන්නේ අපාලා ය. ඝෝෂා නමින් ද ඇය වැනි ම කාන්තාවක් මෙකල ජීවත්ව සිට ඇත.
ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ සිටි ගෝත්‍රික කණ්ඩායමකි. ආර්ය, අනාර්ය සම්මිශ‍්‍රණයකින් සැදුණු ගෝත්‍රයකි විය යුතුය.
ජෛනයන්ගේ ආරාම හෝ නවාතැන්පොළවල් මේ නමින් හැඳින්විණි. කෙටි කලක් එහි නතර වී හිඳ මෝක්ෂය පිණිස සිල් රකිමින් භාවනා කරමින් කල් ගතකරන ඔවුන් යළි කිසිදිනක එතැනට නොපැමිණෙන අදහසින් ඉන් පිටත්ව යති. එසේ යළි නොඑන තැනක් නිසා අපසාර නම් විය.
ප්‍රදේශ නාමයකි. ඉන්දියාවේ බටහිර අන්තයේ පිහිටියේ ය. අශෝක ධර්ම ප්‍රචාරක කටයුතු සම්බන්ධ විස්තරයේත් සාතවාහනයින් පිළිබඳ තොරතුරු ඇතුළත් මූලාශ්‍රයවලත් මේ නම එයි. එහි ප්‍රධාන නගරය වූයේ සොපාරාව හෙවත් පැරණි සුප්පාරක නගරය යි. එය වරායක් ද වේ. බෞද්ධ සාහිත්‍යයට අනුව මෙහි දාමරික වැසියන් සිට ඇත. අශෝක රාජ්‍ය සමයේ දී යෝනක ධම්මරක්ඛිත හිමියන් මේ ප්‍රදේශයට බුදුසමය හඳුන්වා දී
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව වටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට බටහිරින් පිහිටියේ ලු.