අමරනාත්
ඉන්දියාවේ හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
සංස්කෘත බසින් රචිත කෝෂ ග්‍රන්ථයකි. අමරසිංහ නම් කතුවරයාගේ කෘතියකි. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ.
පැරණි ඉන්දීය කවියෙකි. ජීවත් වූ යුගය පැහැදිලි නැත. නමුත් ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ. මේ නිසා ඔහු ඊට පෙර යුගයක විසූවෙක් යැයි නිගමනය කළ හැකි ය.
ඍග් වේදයේ එන පුද්ගල නාමයකි. ආර්ය නායකයෙකු විය හැකිය.
අභ්යවර්තීන් ඡායමාන Read More »
රාජ්‍යත්වයට පත්කිරීමේ නිල චාරිත්‍රය යි. පැන් ඉසීම යන අරුත ඇති ‘අභිෂේක’ නාමය ඊට දුන්නේ හිසපැන් වත්කිරීම මේ උත්සවයේ ප්‍රධාන අංගයක් නිසා වියයුතුය.
අභිෂේකයේ සිට වසර ගණනය කිරීමෙන් සකසා ගත් කාල ක්‍රමය. මේ ක්‍රමය ඉතිහාසය හැදෑරීමේ දී එතරම් නිරවුල් ක්‍රමයක් නොවේ. කාල නිර්ණයට ලබා දෙන සහය අල්පය.
අභිෂේක වර්ෂ ක්‍රමය Read More »
ඔටුන්න හිමි පුද්ගලයා රාජ්‍යත්වයට පත්කිරීමේ නිල හා චාරිත්‍රානුකූල උත්සවය යි. මෙය දර්බාර් උත්සවය නමින් ද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල හඳුන්වා ඇත. ‘අභිෂේකය’ ද බලන්න.
පැරණි ඉන්දියාවේ උතුරු පංචාල දේශයේ අගනගරයයි. ඡත්‍රවතී යන නාමය ද මීට යෙදේ. උත්තර ප්‍රදේශ්හි බැරෙයිලි දිස්ත්‍රික්කයේ නූතන රාම් නගර් වශයෙන් හඳුනාගෙන ඇත. දැනට සොයාගෙන ඇති කාසිවලින් මේ නගරයේ පාලක ප්‍රාදේශීය රාජවංශයට අයත් රජවරු කිහිප දෙනෙකුගේම නම් හෙළිකරගෙන ඇත. සූර්ය මිත්‍ර, අග්නි මිත්‍ර, ජයමිත්‍ර, ඉන්ද්‍රමිත්‍ර, ආදීන් ඊට උදාහරණ වේ.
පැරණි ඉන්දියාවේ තිබූ වික්‍රමශිලා නම් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. සිද්ධමහාපණ්ඩිත ආචාර්ය උපාධිය මෙතුමාට විය.