අමිතෝදන
සිද්ධාර්ථ ගෞතමයන්ගේ පියා වූ සුද්ධෝදන ශාක්‍ය රජුගේ සොයුරා ය.
මහායාන බුදුසමයෙහි ඉගැන්වෙන පස් බුදුවරුන් අතරින් කෙනෙකි. පස් බුදුවරුන් අතර ශ්‍රේෂ්ඨතමයා ද මුන් වහන්සේ යැයි පිළිගැනෙයි. අමිද යන නමින්ද තැනෙක දැක්වේ. අමිත අමිතයුෂ් ආදි නම් වලින් ද හැඳින්වෙන්නේ මුන් වහන්සේට යැයි seeker’s Glossery of buddhism කෘතිය කියයි. ධ-ම්-ට ඕ-ෆෝ යනුවෙන් චීන බසින් ද ජපානයේ අමිද යන නාමයෙන්ද වියට්නාමයේදී අදි දේ නමින් ද අමිතාභ බුදු රදුන්
පරිපාලනයේ දී රජුට සහය වන්නා. පැරණි කාලයේ විවිධ විෂයයන් සඳහා වෙන් වෙන් වශයෙන් අමාත්‍යවරුන් පත් කොට සිට ඇත. අශෝක සමයේ සිටි ධර්ම මහාමාත්‍යවරු උදාහරණයකි. මෙය සිවිල්(අභ්‍යන්තර) ආණ්ඩුකරුවන්ගේ නිල නාමයක් වශයෙන් ගුප්ත යුගයේ නිතර භාවිත වී ඇත. ලංකාවේ ඉතිහාසයේ දී මෙය අමච්ච නමින් දැක්වා තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා හැඳින්වීමට යෙදූ මහමති යන යෙදුම ද ලංකාවේ හමු වේ.
අමරාවතී කලා සම්ප්‍රදාය අනුව කළ බුද්ධ ප්‍රතිමාවන් ය. මේ සම්ප්‍රදායේ පිළිම අතර බොහෝ සෙයින් දක්නට ලැඛෙන්නේ හිටි පිළිමයි. එක් උරයක් පමණක් වැසූ බුදුපිළිම බොහෝ සේ දක්නට ලැබුනත් දෙවුරම වැසූ බුදුපිළිම දක්නට ලැඛෙන්නේ සුළු වශයෙනි. ලාලිත්‍යවත් ශරීර ස්වභාවය තිවංක ලක්ෂණ ආදිය බහුල ය.
භාරතීය සංස්කෘතික ඉතිහාසය මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මේ දාගැබ පිළිබඳව නිතැතින්ම අවධානය යොමුකෙරේ. එසේ වීමට ද හේතු ගණනාවක් තිබේ. මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි ය. ආන්ද්‍රා ප්‍රදේශයට අයත් නාගර්ජුන කොණ්ඩ භට්ටිද්‍රෝල, ඝණ්ඨශාල, පෙඩ්ඩාමඩ්ඩූර්, ගරිකපාඩ්, ගුමදිදිරු ආදී ස්ථාන වල ද බෞද්ධ ස්තූප ඇතත් ඒ එකක් හෝ අමරාවතී ථූපය තරම් උසස්
ආන්ධ්‍ර හෙවත් අමරාවතී කලා සම්ප්‍රදාය වර්ධිත ඉන්දීය කලාවේ ලක්ෂණ නිරූපණය කරයි. අමරාවතී ස්තූපය ආශ්‍රිතව හමු වී ඇති කැටයම් පුවරු වලින් ම ඒ බව පෙනී යයි. දේශීය ක්‍රමයේ ඇඳුම්පැළඳුම් ආදියෙන් සැරසුණු පුද්ගල රූප හා ඉන්දීය ස්වදේශීය සිරිත්විරිත්, හැසිරීම්රටා ආදිය ඒවායේ පැහැදිලිව දැකියහැකි වේ. මායාදේවීය දුටු සිහිනය පිළිබඳ කැටයම් දෙක පළමු උදාහරණයක් වශයෙන් විමසා බැලිය හැකි වේ.
අමරාවතී කලා සම්ප්‍රදාය Read More »
හින්දු දේව සංකල්පනා අනුව මේ වනාහි මහාමේරු පර්වත මස්තකයේ පිහිටා ඇතැයි පිළිගැනෙන ඉන්ද්‍ර දෙවියන්ගේ රාජධානිය යි. තව ද, මදුරාසියේ ගන්තූර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණ නදී ඉව්රේ පිහිටි බෞද්ධ පූජ්‍යස්ථානයක් ද මේ නමින් හැඳින්වේ. අමරාවතී හෙවත් ආන්ද්‍ර කලා සම්ප්‍රදායේ මව් බිම යි.
පැරණි ඉන්දියාවේ කෝෂ ග්‍රන්ථ රචකයෙකි. අමරකෝෂය නම් සංස්කෘත කෝෂ ග්‍රන්ථය මේ කතුවරයාගේ ය. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ. ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.