අම්බලට්ටිකා
පුරාණ භාරතයේ රජගහනුවරත් නාලන්දාවත් අතර පිහිටි රාජ්‍යෝද්‍යානයකි. මේ නමින් බමුණු ගමක් ද වී ඇත. ලංකාවේ අනුරාධපුරයේ ලෝවාමහපායට නැගෙනහිරින් වූ ස්ථානයක් ද මේ නමින් හඳුන්වා ඇත.
පුරාණ භාරතයේ රජගහනුවරත් නාලන්දාවත් අතර පිහිටි රාජ්‍යෝද්‍යානයකි. මේ නමින් බමුණු ගමක් ද වී ඇත. ලංකාවේ අනුරාධපුරයේ ලෝවාමහපායට නැගෙනහිරින් වූ ස්ථානයක් ද මේ නමින් හඳුන්වා ඇත.
පැරණි භාරතයේ වේසාලි හෙවත් විසාලා මහනුවර ලිච්ඡවීන්ගේ අඹ උයන ද ඒ උද්‍යානයේ දී උපන් දැරියක ද මේ නමින් හඳුන්වා ඇත. ඇයගේ මාපියන් ගැන නොදන්නා නිසා ඇය ඕපපාතිකව උපන්නේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. රූප ශෝභාවෙන් අගතැන්පත් ඇය හිමි කරගැනීමට බොහෝ රජදරුවන් අතර අරගල ඇතිවූයෙන් අවසානයේ ඔවුන්ගේ ආශාවන් සතපවනු පිණිස නගරශෝභිනියක වීමට ඇයට සිදුවිය. නමුත් ඇය
පැරණි ඉන්දියාවේ මාන්‍යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ පාලකයෙකි. දක්ෂ පාලකයෙකු නොවීය. බලයට පත්වූයේ වයෝවෘද්ධ අවදියේ දී ය. තෙවසරක් බලයේ සිටි අතර ඒ කලයේ දී රාජ්‍ය පාලන කටයුතු ඔහුගේ පුතුන් විසින් සිදුකරන ලදී.
පැරණි ඉන්දියාවේ මාන්‍යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ තුන්වන ගෝවින්ද රජුගේ පුත්‍රයා ය. 13වැනි වියේ දී රාජ්‍යත්වයට පත් වූ හේ දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ සිටියේ ය.
කිතුවසින් අටවන සියවස මුල දී ධර්මප්‍රචාරය පිණිස චීනයට ගිය ඉන්දීය භික්ෂුන්වහන්සේ නමකි. මන්ත්‍රයාන නම් මහායාන ධර්මය චීනයේ පතුරුවාහැරියේ මේ හිමියන් සහ උන්වහන්සේගේ ආචාර්යවරයා වූ වජ්‍රබෝධි හිමියන් විසිනි.
දෙවියන්ගේ පානය යැයි සාහිත්‍ය කෘතිවල සඳහන් වන සංකප්ලීය ද්‍රවයකි. එය පානය කිරීමෙන් මළවුන්ට පවා පන ලැබෙතැ’යි සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. සුනන්ද මහේන්ද්‍ර මහත් දක්වන්නේ ඒය පානය කිරීමෙන් අමරණීය වන බව යි. ක්ෂීර සාගරය කැළඹීමේ දී හමුවූ වස්තුවක් වශයෙන් මෙය හැඳින්වේ. බටහිර සාහිත්‍යයේ Ambrosia නමින් දක්වා ඇත්තේ ද අමෘතය ම යැයි විශ්වාස කරයි.
වයඹදිග ඉන්දියාවේ සින්ධු හෙවත් ඉන්දු නදිය ආශ්‍රිතව සක්‍රියව පැවති ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත්වූ ගම්මානයකි.
ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ බින්දුසාර නම් මෞර්ය රජුට(අශෝක රජුගේ පියාට) යෙදුණු අන්වර්ත නාමයකි. පසමිතුරන් ඝාතනය කළ/විනාශ කළ යන අරුත තිබේ.