අරගු
සංගම් යුගයේ දකුණු ඉන්දියාවේ සිවිල් පාලනය භාරව සිටි වෙළ්ළාලර්වරුන්ට චෝළ දේශයේ ලබාදුන් නම.
බුරුමයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රදේශයකි. (බෙංගාල බොක්කෙහි වෙරළබඩ) ගෘහ කර්මාන්ත ලෙස රෙදි විවීම හා වේවැල් භාණ්ඩ සෑදීම සිදුකෙරේ. රක්ඛංග, රඛයිංජයි (රාක්‍ෂයින්ගේ රට) යන නම් වලින් ඔවුන්ගේ ම වංශ කතා වල හඳුන්වා ඇත. ක්‍රි.ව. 1531-1553 කාලයේ අරකනයේ රජ පත් ‘මින් බින්’ රජු ෂත්තවුන්, දුක්කථෙයින්, ලෙම්යෙථන, ෂ්මේඩවුං සහ අණ්ඩවු යන නම් වලින් යුතුව චෛත්‍ය 5ක් ඉදි
ඉන්දීය පාලකයෙකු වූ ධනදේට අයත් ලිපියකි. පුෂ්යමිත්ර රජු අශ්වමේධ යාග දෙකක් කළබව එහි සඳහන් වේ.
අයෝධ්‍යා සෙල්ලිපිය Read More »
ඉන්දියාවේ පැරණි නගරයකි. උත්තර කෝසල ජනපදයේ පැරණිම අගනුවරයි. එක්සත් ප්‍රාන්තයේ ගෝග්‍රා හෙවත් සරයු ගඟබඩ පිහිටා ඇත. හින්දුවරුන්ගේ ප්‍රධාන ශුද්ධස්ථාන 7න් එකක් යුධකොට යටත්කොටගත නොහැකි පුරය යන අරුතින් අයෝධ්‍යා යන නාමය ලබාදී ඇත. විනීතා යනුවෙන් හින්දුන් හැඳින්වූයේ ද ෂචේ (sha-che)යනුවෙන් ෆාහියන් හිමි හැඳින්වූයේ ද (සිං. වි. කෝෂයේ II වන කාණ්ඩයේ අයෝධ්‍යා යටතේ බලන්න. ටොලමි විසින් සොගෙඩා(sogeda)
තායිලන්තයේ (පුරාණ සියම් දේශය) පැරණි අගනුවරයි. සිජොන් තේජන් නමින් සියම් වැසියෝ හඳුවන්නේ ද මෙම ප්‍රදේශයම ය. විශාලත්වය ව. සැ. 976ක් පමණ වේ. 1350දී පමණ අයුධ්‍යාව සියම් දේශයේ අග නගරය වූ පසු රාජානුග්‍රහය ඇතිව එහි බෞද්ධාගමික කලා ශිල්ප වර්ධනය විය. 1767 දී බුරුම ආක්‍රමණයෙන් කලාකෘති හා ගොඩනැගිලි රාශියක් විනාශ වුව ද එ්වායේ නටබුන් අද ද දැකගත
ඉන්දීය ඉතිහාසයේ හමුවන රාජ්‍ය නිළධාරී නමකි. හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ද මේ නමින් සිටි රාජ්‍ය නිළධාරීන් ගැන එම යුගයට අදාළ මූලාශ්‍රයවල සඳහන් වේ.
ආයුක්තක වශයෙන් ද දැක්වේ. නිල නාමයකි. වැඩි වශයෙන් ම භාවිත වී ඇත්තේ මෞර්ය යුගයේ දී ය. එම යුගයේ දී පාලනයට සහය වූ රජුක, රටික, ප්‍රාදේශික, යුක්ත, පුලිස, ප්‍රතිවේදක, වචභූමික, ලිපිකාර, දූත, ආයුක්තක ආදී නිළධාරීන් පිරිසක් ද විය.
හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. ක්‍රි.ව.550 – 750 කාලයේ බටහිර චාලූක්‍යයන්ගේ ප්‍රධාන නගරයකි. ප්‍රධාන ගමනාගමන මාර්ගයන්ගෙන් ඈත් ව පිහිටි අයිහෝළේ ඇති, සැත්තෑවක් පමණ වන පෞරාණික හා ආගමික ගොඩනැගිලි අතරින් තිහක් පමණ ඇත්තේ විශාල ප්‍රාකාරයකින් වටවූ පෙදෙසක ය. මෙම සියලූ ගොඩනැගිලි