අංගණ/අඞ්ගණ
(නාප්‍ර)[පාලි.තත්සම] 01. එළිමහන් තැනිතලා බිම, මිදුල, මළුව, මාලකය(සංස්කෘත), මාළකය(පාලි)එළිමහන් බිම,අඟණ. 02. අපිරිසිදු දෙය, කිලුට, කැළල, ලපය; දෝෂය, රාගය ආදී ක්ලේශය, පාප ධර්මය.
(නාප්‍ර)[පාලි.තත්සම] 01. එළිමහන් තැනිතලා බිම, මිදුල, මළුව, මාලකය(සංස්කෘත), මාළකය(පාලි)එළිමහන් බිම,අඟණ. 02. අපිරිසිදු දෙය, කිලුට, කැළල, ලපය; දෝෂය, රාගය ආදී ක්ලේශය, පාප ධර්මය.
(නාප්‍ර)[පාලි. තත්සම] පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත, එනම් පුරුෂ හෝ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය, ලිංගය, රහස’ඟ.
(නාප්‍ර)[පාලි. තත්සම] වෙළඳාමේ දී තරාදිය අල්ලා පාරිභෝගිකයාට පාඩු වන ආකාරයට හොරට බඩුකිරීම.
(නාප්‍ර) [සංස්කෘත./පාලි තත්සම] 1. අතීත ඉන්දියාවේ පැවති සොළොස් මහජනපදයන් ගෙන් එකක් වූ අඟු රට. චම්පාව අගනුවර කරගත් රාජ්‍යය. 2. කුඹුරකින් ගොඩට නෙරා ගිය බිම් තීරුව. 3. මිනිසා ඇතුළු සත්ත්වයන්ගේ අත පය ආදි අවයව. 4. කය, සිරුර, ශරීරය. 5. යම් දෙයකින් කොටසක්, යම් දෙයක ඇති ගුණය හෝ ලක්ෂණය, භාගය, ප්‍රභේදය. 6. ශීලය, ව්‍රතය, ප්‍රතිපත්තිය. 7. පිළිවෙළ,
අංවිල්ල ගවයන්ගේ අඟෙහි කෙළවර සවි කරන කොපුව. විශේෂයෙන් තෛපොංගල් වැනි උත්සව අවස්ථාවක දී ගවයාට කෘත ගුණ දක්වන හින්දු බැතිමත්හු ගවයා ආභරණ වලින් සරසති. ඒ අතරින් එක් ආභරණයකි අංකොපුව.
බිත්තියේ සවි කරන උපකරණයකි. රෙදි, හිස්වැසුම්, කුඩ ආදිය එල්ලා තැබීමට භාවිත කරයි. අං තට්ටුවක් හෝ එවැනි කොක්කකි.