අර්ථතම
ඉන්දීය ඉතිහාසයේ මුල් අවදිය පිළිබඳ විමසීමේ දී හමුවන පුද්ගල නමකි. මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.
ඉන්දීය ඉතිහාසයේ මුල් අවදිය පිළිබඳ විමසීමේ දී හමුවන පුද්ගල නමකි. මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.
හින්දූ භක්තිකයන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ අර්ථ හෙවත් සෞභාග්‍යය යි. (අනෙක් අරමුණු නම් ධර්ම, කාම සහ මෝක්ෂ වේ.)
ඉන්දීය ඉතිහාසයේ තෝරතුරු ද ඇතුළත් වන ග්‍රන්ථයකි. නමුත් මෙය ඉතිහාසය රචනා කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියක් නොවේ. කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ කෘතියකි. චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ පුරෝහිත තනතුර හෙබවූ හෙතෙම විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ. මොහුගේ මෙම කෘතිය මෞර්ය අධිරාජ්‍යයේ මුල් යුගය පිළිබඳ කරුණු සෙවීමට ඇති මුඛ්‍ය මූලාශ‍්‍රයක් සේ පිළිගැනේ. මෙය දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර ක්‍රමවත් කිරීම
පැරණි ඉන්දියාවේ බලවත්ව සිටි ගෝත්‍රයකි. අර්ජුන නමැති පාණ්ඩ්‍ය කුමාරයාගෙන් හෝ අර්ජුන නමැති හයිහය රජුගෙන් පැවත එන පිරිසික් යැයි අනුමාන කෙරේ. ඔවුන් අග්‍රා හා මථුරාවට බටහිරින් පිහිටි ප්‍රදේශයත් රාජපුතානාවේ අල්වාර් හා භරත්පුත් ප්‍රදේශයේත් පාලන කටයුතු සිදුකළ ගෝත්‍රික පිරිසකි. ‘අර්ජුනායනානාම්ජයා’ යනුවෙන් සඳහන් කාසි මේ රජවරුන් විසින් නිකුත්කරන ලදුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. වරාහමිහිර සඳහන් කරන්නේ ක්‍රි.ව.6වන සියවස
භාරතීය මහා කාව්‍යයක් වන මහා භාරතයේ සඳහන් වන පංච පාණ්ඩවයන්ගෙන් තෙවැන්නා වේ. යුධ වීරයෙකු මෙන් ම දක්ෂ ධනුද්ධරයෙකු ද විය. හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂ රජුගේ මරණයත් සමග බලවත් වූ අමාත්‍යවරයෙක් ද මේ නමින් හැඳින්‌වේ. චීන වාර්තා අනුව මේ අමාත්‍යයා හර්ෂ රජු අපේක්ෂාවෙන් ඉන්දියාවට ආ චීන තානාපතිවරුන්ට බාධා ඇතිකළෙන් ටිබෙට් හා නේපාල ආධාර
හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂවර්ධන අධිරාජයාගෙන් පසු කනෞජයේ බලවත් වූ අමාත්‍යයෙකු යැයි සිතිය හැක. යොන්-හ්‍යුන්-ත්සේගේ වාර්තාවල මේ නම ඔ-ල-න-ෂුන් (අ-ග-න-සුෂන්) වශයෙන් දක්වා තිබේ. එහි ඉන්දීය ස්වරූපය අරුණාෂ්ව හෝ අර්ජුන යන්නට සමාන වියහැක.
විමුක්තියට බාධාවන සියලූ බැඳීම් වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය යි. සිද්ධ නමින් ද හැඳින්වේ.
(නාප්‍ර) ආභරණයකි, මෙය සිව් සැට ආභරණවලින් එකක් ද වෙයි.
අංග තිලක /අඞ්ග තිලක Read More »