Eduhelp Admin1

අලහබාද් ප්‍රශස්තිය

සමුද්‍රගුප්ත රජු පිළිබඳව කළ ප්‍රශස්තියකි. උතුරු ඉන්දියාවේ අලහබාද්හි පිහිටා තිබේ. මෙය අශෝකරජු විසින් කරවූ ලිපියක් සහිත ටැඹක අනෙක්පස මෙම ලිපිය කොටවා ඇත. අඩි 35ක් උස කුලූනකි. ප්‍රශස්තිය පේළි 33කින් යුක්තය. ක්‍රි. ව. 330-375 අතර කාලයට අයත්ය. උත්තර බ්‍රාහ්මී හෝ ගුප්තාක්ෂර වලින් පැරණි සංස්කෘත බසින් ලියා ඇත. මෙහි පිටපත රචනාකොට ඇත්තේ මහා කවි හරිෂේනයන් විසිනි. (ලිපියේ […]

අලහබාද් ප්‍රශස්තිය Read More »

අලහබාද්

උතුරු ඉන්දීය නගරයකි. ගංගා යමුනා නදීන් එක්වන්නේ මෙම නගරයේ දීය. හින්දූන්ගේ පූජනීය නගරයකි. ප්‍රයාග නමින් ද හැඳින් වේ. අශෝක අධිරාජයාට අයත් ටැම් ලිපියක් ද මෙහි තිබේ. එම ලිපියේ ම එක් පසෙක සමුද්‍රගුප්ත අධිරාජයා පිළිබඳ ප්‍රශස්තියක් ද තිබේ.(අලහබාද් ප්‍රශස්තිය)

අලහබාද් Read More »

අලසන්දා

ඇලෙක්සැන්ඩ්‍රියාව. (ඊජිප්තුවේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාව නොවේ. කාබුල් ප්‍රදේශයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාවයි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දීය ආක්‍රමණ අතරතුර පිහිටුවූවකි.)

අලසන්දා Read More »

අලම්පූර්

ඉන්දියාවේ හයිදරාබාද්  ප්‍රදේශයේ තුංගභද්‍ර නදී ආසන්නයේ ගම්මානයක් හා දෙවොලක් මේ නමින් හැඳින්වේ.

අලම්පූර් Read More »

අලකා

ධනයට අධිපති දෙවියන් සේ සලකන කුවේරයාගේ නිවාසස්ථානය යි.  සියලු සම්පත්තීන් උපදින්නේ මෙහි යැයි විශ්වාසයේ පවතී. මන්දාකිණි නදිය මේ නගරය මධ්‍යයෙන් ගලා යන අතර, ඍතු හය ම එකවර සක්‍රිය ව පවතී. යක්ෂාධිපතියෝ ද, කින්නරයෝ ද, යක්ෂාධිපතීහු ද මෙහි වාසය කරන අතර, කල්ප වෘක්ෂයන්ගෙන් ලබාගන්නා මධුව පානය කරමින් ඔවුහූ සුඛෝපභෝගී ජීවිත ගතකරති.

අලකා Read More »

අර්ධ මාගධී

මධ්‍යතන යුගයේ ඉන්දු ආර්ය භාෂා අතරින් පැරණි ම භාෂාව යි. ඉන්දීය ජෛන ග්‍රනථයන් සඳහා බහුලව යොදාගෙන ඇත්තේ මේ භාෂාව යි.  

අර්ධ මාගධී Read More »

අර්ධනාරිශ්වර

ශිව දෙවියන්ගේ මූර්තියකි. දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි. එමෙන් ම ශිවගේ නිරූපණ විධියකි. ගුප්ත යුගයේ ප්‍රකට වූවකි. ශරීරයේ අඩක් ස්ත්‍රියකගේ ආකාරයෙන් හා අඩක් පුරුෂයෙකුගේ ආකාරයෙන් නිරූපණය කිරීම මෙහි සම්ප්‍රදායයි.

අර්ධනාරිශ්වර Read More »

මහා සානුව

හින්දුස්ථානයෙන් දකුණේ වින්ධ්‍යා හා සත්පුර කඳුවලින් දකුණු ප්‍රදේශයයි. දකුණු කෙළවර ඇත්තේ නිල්ගිරි කඳුය. මෙය අර්ධද්වීපික ඉන්දියාව ලෙස ද හැඳින්වේ. මෙය ඩෙකෑන් සානුව හා වෙරළබඩ තීරුව ලෙස කොටස් දෙකකට බෙදේ. මෙහි නැගෙනහිර වෙරළ කොරමැණ්ඩල් වෙරළ ලෙස ද බටහිර වෙරළ මළබාර් වෙරළ ලෙස ද හැඳින්වේ. මෙම වෙරළ තීරු ආශ‍්‍රිතව නැගෙනහිර හා බටහිර ඝාට්ස් යනුවෙන් කඳුවැටි දෙකක් පිහිටා

මහා සානුව Read More »