අල්පනා/අර්පනා
සිතුවම් විශේෂයකි. වංග දේශයේ ස්ත්‍රීන් උත්සව අවස්ථාවල නිර්මාණය කළ තාවකාලික සැරසිලි සිතුවම් විශේෂයකින් ඇරඹුනි. වර්ණ කළ සහල් පිටි ආදියෙන් බිම අඳිනු ලැබේ.
සිතුවම් විශේෂයකි. වංග දේශයේ ස්ත්‍රීන් උත්සව අවස්ථාවල නිර්මාණය කළ තාවකාලික සැරසිලි සිතුවම් විශේෂයකින් ඇරඹුනි. වර්ණ කළ සහල් පිටි ආදියෙන් බිම අඳිනු ලැබේ.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම සාධක අයත්වන්නේ ක්‍රිස්තු පූර්ව 7000ට පමණ ය. මෙම ශිෂ්ටාචාරය ගොඩ නැඟුණේ මොහෙන්ජොදාරෝ සහ හරප්පා නම් නගර මුල් කරගනිමින් ඉන්දු නදිය ආශ්‍රිතව යැයි මුල් කාලීව විශ්වාසයක් තිබුණ ද දැනට එම තත්ත්වය
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය Read More »
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයකි. මෙහි ප්‍රාකාරය අඩි 3-5 අතර ඝනකම් වන නිසා ඇතැමුන් මෙය බලකොටු නගරයක් යැයි හඳුන්වා තිබේ.
අශෝක රජු විසින් කොසඹෑ නුවර ආසන්නයේ පිහිටවූයේ යැයි සිතියහැකි ස්තම්භයකි. අලහබාද් ප්‍රශස්තිය කොටා ඇත්තේ මෙහිය. මෙය පසුකාලීනව අලහබාද් දක්වා රැගෙනවිත් ඇතැයි සිතිය හැක. අශෝක රජු, සමුද්‍රගුප්ත රජු හා ජහන්ජීර් රජු මෙම ස්තම්භයේ විවිධ අරමුණු වලින් යුතුව ශිලාලේඛන කරවා ඇත.
උතුරු ඉන්දියාවේ අලහබාද් හි පිහිටුවා ඇති සෙල් ලිපියකි. අශෝක රජු මෙහි මුල් හිමිකරු වේ. පසුව සමුද්‍රගුප්ත රජු හා ජහන්ජිර් රජු ද එම ටැඹෙහි ම ලිපි කරවා තිබේ.
ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු වර්ධනය වූ ප්‍රබල ම පාලක රාජවංශයක් වූ ගුප්ත රාජසභාවේ සිටි කවියෙකි. අලහබාද් ප්‍රශස්තිය මොහුගේය.
කවිරාජ (උසස් ම කවියා) / වික්‍රමාංක/ ක්‍රීටාන්තක (කිරීටධරයින්ගේ මාරයා) දේශපාලනය පමණත් නොව කාව්‍ය කරණය, වීණාවාදනය වැනි කලා අංශ වලට ද ලැදියාවක් හැකියාවක් ඇතිව සිටි අයෙකි. හරිශේණයන් මේ අධිරාජයා පිළිබඳ අලහබාද් ප්‍රශස්තියේ සඳහන් කරන්නේ කවිරාජ යන අභිදානය සමගිනි. කවිරාජ යන අභිදානය වඩාත් උසස් කවීන් සඳහා පමණක් යෙදෙන අතර සාමාන්‍ය කවීන්ට ‘‘ජගති කතිපයෙ[1] ‘‘ යන අභිදානය යෙදෙයි.
සමුද්‍රගුප්ත අධිරාජයා Read More »