අවනි සිංහ
පොළවට අධිපති සිංහයා යන අරුත දෙයි. පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 – 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
පොළවට අධිපති සිංහයා යන අරුත දෙයි. පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 – 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මෞර්ය යුගයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.
මහායානික ග්රන්ථයකි. බෝධිසත්ත්ව චරිතකතා ඇතුළත් කොට රචනා කර ඇත. මෙහි එන ඇතැම් කතා ජාකත අටුවාවේ ද දැක්වේ.
අවදානකල්පලතා/අවදානකල්පලතාපල්ලව Read More »
සාහිත්‍ය ග්රන්ථ විශේෂයකි. බෞද්ධ ත්‍රිපිටකයට සබැඳී වේ. අවදාන ශතකය මෙහි පැරණි ම කෘතිය වේ. දිව්‍යාවදානය හා අවදානකල්පලතාව ද මේ ගණයට අයත් කෘතීන් වේ.
ඉන්දියාවේ රාජ්පුත් පාලක ප්‍රතාප් සිං විසින් වයඹදිග ඉන්දියාවේ පිහිටවූ නගරයකි. මුල් කාලයේ මේ නමින් ම ජනපදයක් ද තිබී ඇත.
බුද්ධකාලීන ඉන්දියාවේ මගධය ආසන්නයේ වූ ප්‍රදේශයකි. බූලි වංශික රජවරුන් යටතේ පාලනය විය. මහාපරිනිබ්බාන සූත්‍රයේ ඔවුන් පිළිබඳ සුළු විස්තරයක් තිබේ.
අරාබි ඉතිහාසඥයෙකි. සිරියාව, පලස්තීනය, අරාබිය, සැන්සිබාරය, පර්සියාව, මධ්‍ය ආසියාව, ඉන්දියාව, ලංකාව ආදි රටවල සංචාරය කර වැදගත් තොරතුරු රැස්කර ක්‍රි.ව. 943 දී කාණ්ඩ තිහකින් යුතු කෝෂ ග්‍රන්ථයක් සම්පාදනය කළේ ය. පසුව මේ සියළු කරුණු රැස්කර ක්‍රි.ව. 947 වැන්නේ දී මුරුජ්-උධ්-ධහබ් වා මාදින් අල්-ජවාහිර් (රන් දෙණී හා මිණි ආර) නමින් එක් කෘතියක් සම්පාදනය කළේ ය.
අල්මසුදි, හුසේන් ඉබන් අලි Read More »
අරාබි ලේඛකයෙකි.(ක්‍රි.ව.973-1048) වර්ෂ 40ක් පමණ භාරතයේ විසී ය. ඝස්නියේ තුරුකීන් විසින් ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණය හා ජයග්‍රහණ පිළිබඳව මොහු ‘වංශකථාව’(තරීක් අල් හින්ද්) නමින් කෘතියක් කළේය. සංස්කෘත බස ඉගෙන ගනිමින් ඉන්දීය සංස්කෘතිය පිළිබඳව ඉගෙනීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ කෘතියෙන් පිළිබිඹු වේ. එහෙත් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දු නොවී ඉන්දීය සාහිත්‍යය හැදෑරීම පමණක් තුළින් සිය කෘතිය නිමවීම