කෛලාස කඳුශිඛරය
හිමාලයානු කඳුපන්තියේ පිහිටි උප කඳුශිඛරයකි. මානස විල ද ඇත්තේ මේ ආශ‍්‍රිතවය. ඉන්දු නදිය හා බ‍්‍රහ්මපුත්‍ර නදිය යන නදීද්වය ම ඇරඹෙන්නේ මේ මුල් කරගෙන ය.
හිමාලයානු කඳුපන්තියේ පිහිටි උප කඳුශිඛරයකි. මානස විල ද ඇත්තේ මේ ආශ‍්‍රිතවය. ඉන්දු නදිය හා බ‍්‍රහ්මපුත්‍ර නදිය යන නදීද්වය ම ඇරඹෙන්නේ මේ මුල් කරගෙන ය.
දකුණු ඉන්දියාවේ චෝළ රාජවංශයේ පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි.ව 985 – 1014) භාවිත කළ විරුදයකි. කේරළයන් පරාජය කළ නිසා ය.
දකුණු ඉන්දීය ද්‍රවිඩ රාජධානියකි. මහාභාරතය කියන්නේ වරක් මෙය සහදේව නම් වීරයා විසින් යුධ කර යටත් කරගත් බවයි. පසු කාලයේ දී ද මෙය නොයෙක් වර පාණ්ඩ්‍ය හා චෝළ රාජ්‍යයන්ට යටත් රාජ්‍යයක් වශයෙන් පැවතී ඇත. චෝළයන් ප්‍රබල වෙමින් සමුද්‍රාන්තර අධිරාජ්‍යයක් ගොඩනගත් දී එහි අභියෝගයට මුහුණ දෙනු පිණිස පාණ්ඩ්‍යයන් හා ලාංකිකයන් සමග මිත්‍ර සන්ධානයක් ගොඩනැංවීමට ද කේරළයෝ පෙළඹුණාහ.
ඉන්දියාවේ පාල රාජවංශයේ දේවපාල රජුට සේවය කළ අයෙකි. ඔහු රජුගේ ප්‍රබල අමාත්‍යයෙකු වූ දර්භපානිගේ මුණුපරා ලෙස සැලකේ.
කාල වර්ණය. කළු පැහැය. කෘෂ්ණ නමින් දෙවියකු ද වෙයි. (ගෝපිනාථ, ගෝවින්ද, මුරලීඹර, වාසුදේව යනු ද මොහුම ය.) ශරීරය කාල වර්ණ වූ කෘෂ්ණට ප්‍රියකළ මනුෂ්‍යයෝ කළු වර්ණයට ද කෘෂ්ණ යන නම දෙන්නට ඇතැ’යි විශ්වාස කෙරේ. දකුණු ඉන්දියාවේ පිහිටි දිස්ත්‍රික්කයක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ. යජුර් වේදයේ එක් කොටසක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ. ශුක්ල කොටසේ ඇති ගීතිකාවන්ට අදාළ
ඉන්දියාවේ භාවිත වූ වර්ෂ ක්‍රම අතරින් එකකි. එය මාලවයින් ද භාවිත කර ඇත.
කෘතයුග වර්ෂ ක්‍රමය Read More »
පරණි දඹදිව ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සුවිශේෂ නිර්මාණයකි. ‘කුළාර’ යනු ද එයමය. කූටාගාරයක් පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ රාමායනයේ ය. එයට නුව කූටාගාරය යනු ස්ත‍්‍රීන්ගේ ක‍්‍රීඩාගෘහය යි. එය නිවසක මුදුනේ තනනු ලබන්නකි. ආරක්‍ෂිත කුඩා ගෘහය යන අදහස ද දෙයි. කූටාගාරසාලා නමින් ප්‍රකට වූ කුටියක් බුදුරදුන් සිය කුටිය කොට වාසය කළ වග සාරත්තදීපනී ටීකාවට අනුව සිතිය හැක. සමන්තපාසාදිකා,