අංගාර චේතිය
දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන් කොට ඉදි කළ නිසා මේ නමින් ප්‍රකට විය. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට මෝරිය රජ දරුවෝ ධාතු බෙදීමේ අවස්ථාවට ආයේ ප්‍රමාද සහිතවය. මේ නිසා ඔවුන්ට බුදුරදුන්ගේ ශරීර ධාතු හිමි නොවුණි. (බෞද්ධ […]