WordPress WooCommerce Themes

කෘෂි නිෂ්පාදන සැපයුම කෙරෙහි බලපාන සාධක

කෘෂි නිෂ්පාදන සැපයුම කෙරෙහි බලපාන සාධක පැහැදිලි කරන්න.

කෘෂි නිෂ්පාදන සැපයුම යනු,

  • යම්කිසි අවස්ථාවක දී, යම් මිලකට විකිණිම සඳහා වෙළඳපොලට ඉදිරිපත් කර ඇති කෘෂි නිෂ්පාදන ප්‍රමාණයයි.

බලපාන සාධක

  • කෘෂි නිෂ්පාදනයේ මිල
  • කෘෂි නිෂ්පාදනයේ මිල ඉහළ යන විට, සැපයුම ද ඉහළ යයි. කෘෂි භාණ්ඩ නිෂ්පාදනය සඳහා කාලයක් ගතවන බැවින් පසුගිය කන්නයේ බෝගයක මිල ඉහළ යැම හෝ පහළ යෑම මෙම කන්නයේ සැපයුමට බලපායි.
  • නිෂ්පාදනයේ ආදේශක හැකියාව / ආදේශක නිෂ්පාදනවල මිල
  • එකම සාධක යොදා නිෂ්පාදන දෙකක් කිරීමට හැකි නම් (උදා: කැරට්, ගෝවා) නිෂ්පාදකයා වැඩි මිලක් සහිත නිෂ්පාදනයට යොමු වේ.
  • නිෂ්පාදන තාක්ෂණය / ශිල්පීය ක්‍රම
  • නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය (උදා : ආරක්‍ෂිත ගෘහ, බිංදු හෝ විසිරි ජල සම්පාදනය) අනුව සැපයුම වෙනස් වේ.
  • නිෂ්පාදන සාධකවල මිල
  • නිෂ්පාදනය සඳහා අවශ්‍ය සාධක/ යෙදවුම්වල මිල ඉහළ පහළ යෑම අනුව සැපයුම වෙනස් වේ. (උදා : පොහොර සහානාධාරය, කම්කරු හිඟය/ මිල)
  • රාජ්‍ය ප්‍රතිපත්ති
  • රජය මගින් දෙන විවිධ සහානාධාර හා සහතික මිල ක්‍රමය නිසා කෘෂි නිෂ්පාදන සැපයුම ඉහළ යයි.
  • පරිසර සාධක /දේශගුණික සාධක (නියඟය, ගංවතුර)
  • වසර 03 ක පමණ කාලයක් මහ කන්නයේ වර්ෂාව අඩුවීම නිසා සහල් සැපයුම අඩු වීම.
  • නිෂ්පාදකයින් ගණන හා ඔවුන්ගේ සැපයුම් ප්‍රමාණය
  • නිෂ්පාදක ගණන ඉහළ යන විට සැපයුමද ඉහළ යයි.
  • පසු අස්වනු තාක්ෂණය
  • පසු අසුවනු හානිය අවම කිරීම තුළින් වෙළඳපොළ සැපයුම ඉහළ නැංවිය හැක.
  • රෝග හා පළිබෝධ
  • උදා : සේනා දළඹුවාගේ හානිය නිසා බඩ ඉරිඟු සැපයුම අඩු වීම
  • පෙර අස්වනු තාක්ෂණික ශිල්පීය ක්‍රම
  • කෘෂි නිෂ්පාදන මෙමගින් සැපයුම වැඩි කරයි.
  • විවිධාංගිකරණය මෙය දෙයාකාරයකින්ම සැපයුමට බලපායී
  • නිෂ්පාදකයින්ගේ අනාගත මිල පිළිබඳ අපේක්ෂාව
  • උදා : සහල් මෝල් හිමියන් අනාගත මිල ඉහළයාම අපේක්ෂාවෙන් ගබඩා කිරීම
  • නිෂ්පාදකයාගේ රුචිකත්වය
  • ගොවීන් ඇතැම් කෘෂි නිෂ්පාදන වගා කිරීමට රුචිකමක් දක්වයි. උදා: වී වගාව

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...