WordPress WooCommerce Themes

රජරට චෝළ ආධිපත්‍යය

රජරට චෝළ ආධිපත්‍යය

  • ක්‍රි. ව. දහවන සියවසේ එල්ල වූ දකුණු ඉන්දියානු චෝළ ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටුණි.
  • උතුරු ලංකාවේ චෝළ ආධිපත්‍යය පැතිර වූ ප්‍රබල චෝළ පාලකයන් දෙදෙනා වූයේ පළමුවන රාජරාජ හා පළමුවන රාජෙන්ද්‍ර යි. චෝළ ආධිපත්‍යය පැවති සමයේ සිටි අනෙක් පාලකයන් වූයේ පළමුවන රාජාධිරාජ, දෙවන රාජේන්ද්‍ර, වීර රාජේන්ද්‍ර, අධිරාජේන්ද්‍ර සහ පළමුවන කුලෝත්තුංගයි.
  • දුර්වල පාලකයෙක් වූ පස්වන මිහිඳු රජ දවස රාජ රාජගේ ආක්‍රමණික චෝළ හමුදා ලංකාවට ගොඩ බැස, අනුරාධපුරය කොල්ලකා විනාශ කිරීම. පස්වන මිහිදු රජු රෝහණයට පලායාම.
  • ඉන්පසු එළඹි අවුරුදු විස්සකට අධික කාලය රජරට බලය පවත්වා ගැනීමට රාජ රාජ සමත් වී යයි මතයක් පැවතීම.
  • චෝළ අධිරාජයා වූ රාජේන්ද්‍ර විසින් ක්‍රි. ව. 1017 දි පස්වන මිහිදු රජු සිරකරුවෙකු ලෙස අල්ලා ගෙන චෝළ දේශයට රැගෙන යාමෙන් පසු රජරට ප්‍රදේශය චෝළ අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. චෝළයන් විසින් එය ‘මුම්මුඩි සෝළමණ්ඩලම්’ ලෙස නම් කිරීම. එසේම, පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය බවට පත් කර ගත් අතර එය ‘ජනනාථමංගලම්’ ලෙස හැඳින්වීම.
  • මුම්මුඩි සෝළ මණ්ඩලම් කොටස් දෙකකට බෙදා තිබීම – රාජරාජ වළනාඩු හා වික්කිරම ශෝළ වළනාඩු.
  • පළමු වන රාජ රාජ හා පළමුවන රාජේන්ද්‍ර යන රජුන්ගේ සෙල්ලිපි ලංකාවෙන් හමුව තිබීම (පළමුවන රාජෙන්ද්‍රගේ තිරුමණ්ණි වළර ප්‍රශස්තිය සහ දැනට පොළොන්නරුවේ හා කොළඹ කෞතුකාගාරයේ තැන්පත්කොට ඇති සෙල්ලිපි).
  • මෙරට සිටි චෝළ ප්‍රාදේශික පාලකයන් (ආණ්ඩුකාරවරුන්) පිළිබඳව තොරතුරු හමු නොවන අතර චෝළයින් විසින් ලංකාව පාලනය කළ ආකාරය ගැන යම් යම් අනුමාන පමණක් තිබීම (යුද්ධ හමුදාවේ උසස් තනතුරු, පාලන තන්ත්‍රයේ උසස් තනතුරු දකුණු ඉන්දියානුවන් දැරු බව. ප්‍රාදේශීය පාලනයේ ගම ප්‍රධාන වීම. බදු අය කර තිබීම – රාජ රාජගේ තන්ජෝර්හි ඇති ලිපියක ලංකාවේ ගම් පහකින් ගත් බදු තන්ජෝර දේවාලයට ප්‍රධානය කිරීම පිළිබඳව සඳහන් වීම හා එකී බදු මුදල්, වී, මී ගසේ කිරිවලින් ගෙවා තිබීම. එසේම, වාර්ෂිකව කප්පම් ගෙවීමක්ද සිදු වන්නට ඇත.
  • ඔවුන්ගේ පාලන සමයේදී බෞද්ධාගමික ගොඩනැගිලි විනාශ කිරිම සිදු කර ඇත. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථා වලදී ප්‍රදානයන්ද කර තිබීම (වෙල්ගම්වෙහෙරට රාජරාජ පෙරුම්පල්ලි).
  • හින්දු කෝවිල් ගණනාවක් ඉදිකිරීම (වාණ වර්ණමා දේවී ඊශ්වරම්). තඹ ලෝකඩවලින් කළ හින්දු දේව ප්‍රතිමා රැසක් හමු වී ඇත (ශිව, විෂ්ණු, පාර්වති, නටරාජා). චෝළ අධිරාජ්‍යයේ ප්‍රාදේශීය නිලධාරියෙකු විසින් මන්නාරමේ ගොඩනගන ලද කෝවිලක් අධිරාජයාගේ නම මුල් කරගෙන ‘රාජරාජේශ්වර’ යනුවෙන් නම් කර ඇත. මෙකල පදවියේ ද හින්දු කෝවිලක් ඉදිකර තිබේ.
  • චෝළ බල ප්‍රදේශ පුරාම දකුණු ඉන්දියානු වෙළෙඳ ශ්‍රේණි පැතිර සිටි බව පෙනේ.
  • 1070 දී පළමුවන විජයබාහු රජතුමා චෝළ ආධිප්‍යයෙන් රජරට මුදා ගැනීමට සමත් වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...