අපි ගොඩක් වෙලාවට විභාග ප්‍රතිඵල තුළින් උද්දාමයට හෝ දැඩි කළකිරීමට පත් වෙනවා.
නමුත් ඔබ දන්නවා ද අදාළ කඩඉමට වඩා ඉහළින් හෝ පහළින් සිටින සැමට ඒ කියන්නේ කට වචනයට අනුව සමත් හෝ අසමත් කියලා කියන සැමට අනාගතයේ උපරිම තෘප්තියෙන් යුතුව, වඩාත් හොඳ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරලා ඒ තුළින් වඩාත් ආලෝකවත් ජීවිතයක් ගොඩනගා ගතහැකි බව?
නමුත් අපි වැඩි වශයෙන් දකින්නේ රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, රජයේ රැකියාවන් ම අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්…..
මේ වගේ ඔබගේ කාලය නාස්ති කරන්න එපා. හරි ක්‍රමයට හරි දේ කරන්න. වරදින්නේ නෑ. පහත උපදෙස් හොඳින් කියවන්න. ඇත්තට ම මේ සඳහා ඔබ කළ යුත්තේ පොඩි වෙලාවක් අරගෙන මේ උපදෙස් ගැන හොඳින් හිතලා හරියට ම හරි දේ හරි වේලාවට ක්‍රියාත්මක කිරීම පමණයි.
මේ සඳහා ඔබට එක් උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. උසස් පෙළ සඳහා ඕනෑම විෂයයන් තුනක් හදාරා S සාමර්ථ 3ක් ලබාගත් දරුවෙකුට පුළුවන් විද්‍යාවේදී උපාධියක් සඳහා ඉල්ලුම් කරන්න. (ඕනෑම් විෂයයන් 3කින් හදාරා සමත් වූ දරුවන් සඳහා ඉල්ලුම් කළහැකි තවත් පාඨමාලා ඇත.) ඒ තමයි යෝග සහ පාරමනෝවිද්‍යාව. සමත් සුදුසුකම හෝ z අගය තිබූ පමණින් ඉල්ලුම් කළත් ඔබව ඒ සඳහා තෝරාගනු ලැබුවත් ඔබ එම විෂය හැදෑරීම සඳහා සුදුසුදැයි නොබලා තීරණය ගතහොත් එම පාඨමාලාව හැදෑරීමේදී අපහසුතාවයට පත්වී අසාර්ථක වෙන්න පුළුවන්. මේ උපාධිය විද්‍යාවේදී උපාධියක්. ගැඹුරු කරුණු අවබෝධකරගැනීමට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම ප්‍රායෝගික විෂයයක්. ඉහත පරීක්ෂණයෙන් ඒ හැකියාව තිබේදැයි පරීක්ෂා කරන්නත් පුළුවන්.
තවත් වැදගත් කරුණක් තමයි උසස් පෙළට පසු සමත් වන දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීම බාහිර පාර්ශ්වයන් විසින් සිදු කරනුලබනවා. ඒ තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් අනුව. විශ්වවිද්‍යාලයට වඩා විද්‍යාපීඨ හොඳයි, මේ උපාධිය කරන්න, ඒකට මේ විශ්වවිද්‍යාලය හොඳයි වගේ කාරණා දරුවන්ට කියනවා. ඒත් ඒක දරුවෙක්ගෙ අනාගතය වෙනුවෙන් අයහපත් විදියට බලපාන්න පුළුවන්. මොකද, දරුවන් පිළිගන්නවා ගුරුවරුන් වැඩිහිටියන් කියන දේවල්. ඒ නිසයි විධිමත් ආකාරයට මේ තීරණ ගතයුත්තේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.