WordPress WooCommerce Themes

හර්ෂවර්ධනගේ මරණයෙන් පසු උතුරු ඉන්දියාවේ ආධිපත්‍ය උදෙසා පැවති අරගලය

හර්ෂවර්ධනගේ මරණයෙන් පසු උතුරු ඉන්දියාවේ ආධිපත්‍ය උදෙසා පැවති අරගලය පරීක්ෂා කරන්න.

  • හර්ෂවර්ධන රජුගේ මරණයෙන් පසු උතුරු ඉන්දියාවේ ආධිපත්‍ය උදෙසා ප්‍රධාන වශයෙන් රාජ වංශ තුනක් අතර බල අරගල ඇති වීම. (ත්‍රිකෝණ අරගලය)
  • බටහිර ඉන්දියාවේ රාජ පුතානාහි ගුර්ජර් ප්‍රතිහාර, බෙංගාලයේ පාල හා ඩෙකානයේ මහාරාෂ්ට්‍රයේ රාෂ්ට්‍රකූට යන රාජ්‍ය තුන අතර ගැටීම. බටහිර
  • හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී උතුරු ඉන්දියාවේ බල කේන්ද්‍රස්ථානය බවට කනෞජය පත්වීම නිසා මේ රාජ්‍යයන් කනෞජයේ ආධිපත්‍යය වෙනුවෙන් යුද්ධ කරන ලද්දේ කනෞජය දිනාගැනීම උතුරු ඉන්දීය දේශපාලන ආධිපත්‍යයේ සංකේතයක් බවට පත්වී තිබීම නිසාය.
  • රාෂ්ටකූට පාලක ධ්‍රැව රජු ගුර්ජර ප්‍රතිහාර පාලක වත්සරාජ හා ඔහුගේ සේනාව පරාජය කොට රාජ පුතානා කාන්තාරය දෙසට පලවා හැරීම.
  • රාෂ්ටකූට පාලක ධ්‍රැව බෙංගාලය ආක්‍රමණය කොට ධර්මපාල රජු පරාජය කළ ද ධ්‍රැවට හදිසියේ ආපසු යෑමට සිදුවීමෙන් කනෞජය අල්ලාගත් ධර්මපාල රජු ප්‍රතිහාරයන්ට යටත්ව සිටි ඉන්ද්‍රායුධ ඉවත් කොට තමාට අවනත චක්‍රායුධ එහි පාලකයා බවට පත් කිරීම.
  • ගුර්ජර ප්‍රතිහාර පාලක දෙවන නාග භට (වත්සරාජගේ පුත්‍රයා) ප්‍රතිහාර බලය නැවතපිහිටු වීමට දැරූ උත්සාහයේදී ධර්මපාල රජු පරාජය කිරිම.
  • එහෙත් රාෂ්ටකූට පාලක තුන්වන ගෝවින්ද උතුරු ප්‍රදේශය ආක්‍රමණය කොට නාගහට පරාජය කිරීම සමත් විය. නමුත් ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට පෙර ගෝවින්ද රජුට ආපසු යෑමට සිදුවීම නිසා ධර්මපාල රජුට වාසිදායක වීම.
  • ධර්මපාල රජුගේ පුත් දේවපාල රජු ද උතුරු ඉන්දියාවේ බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම.
  • ගුර්ජර ප්‍රතිහාර පාලක භෝජ රජු ද සටන් ගෙන යමින් උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය බලය අල්ලා ගැනීමට ක්‍රියා කිරීම

අවසානයේදී මෙම රාජ්‍ය තුනම දුර්වල වී ඒවායේ බලය වෙනත් කණ්ඩායම් දිනා ගැනීම..

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...