WordPress WooCommerce Themes

ගැටුම් වැළැක්වීම සහ ගැටුම් සමථනය අතර වෙනස්කම්

ගැටුම් වැළැක්වීම සහ ගැටුම් සමථනය අතර වෙනස්කම්

 

පිළිතුරේ අන්තර්ගත විය යුතු මුලික විෂය කරුණු :

  • සංකල්ප දෙක කෙටියෙන් අර්ථ දැක්වීම.
  • ඒ දෙකෙහි වෙනස්කම් හඳුනා ගැනීම.
  • එම වෙනස්කම් නිදසුන් සහිතව පැහැදිලි කිරීම.

 

විෂයකරුණු සහ සාකච්ඡාව

 

  1. ගැටුම් වැළැක්වීම සහ ගැටුම් සමථනය යනු ගැටුම් සමඟ ගණුදෙණු කිරීමට ඇති ප්‍රවේශ දෙකකි. ඒ එක් එක් ප්‍රවේශය සතු වූ ඒවාට අයත් වන, අභිමතාර්ථ සහ අභියෝග පවතී.

 

  1. ගැටුම් වැළැක්වීම :

විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දිය හැකි ගැටුම් ඇතිවීම වැළැක්වීම එහි අපේක්‍ෂාවයි. ගැටුමක මුල් අවස්ථාවේ දී එය ව්‍යාප්ත වීම සීමා කිරීම ද තවත් අරමුණකි. එසේම එහි සෘණාත්මක ප්‍රතිවිපාක සීමා කිරීම ද ගැටුම් වැළැක්වීමේ අරමුණකි.

 

  • ගැටුම් සමථනය යනු යනු ගැටුම නැවත ඇතිවීම වැළැක්වීමේ අභිප්‍රාය සහිතව සමථයකට පත්කිරීම ය. එමඟින් ගැටුම අවසානයක් කරා ගෙනයාමට අපේක්‍ෂා කෙරේ.

 

  1. වෙනස්කම්
  • ගැටුම් වැළැක්වීම මඟින් අපේක්‍ෂා කරන්නේ ගැටුමක් වර්ධනයවීම සහ එය පරිණත භාවයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. ඒ සඳහා ගැටුමට බලපෑ හැකි ගැටුමේ හේතු, ස්ථාවරයන් සහ ක්‍රියාමාර්ගයන් හඳුනා ගැනීම අවශ්‍ය වෙයි. සංසන්දනාත්මකව, බලන විට, ගැටුම් සමථනය ප්‍රයෝජනවත් වන්නේ ගැටුම දැනටමත් වර්ධනය වී, පූර්ණ වී පවතින විටදීය, සාකච්ඡාව, මැදිහත්වීම, තෙවන පාර්ශවවල මැදිහත්වීම, සාම ගිවිසුම්, පශ්චාත් ගිවිසුම් ප්‍රතිපත්ති ආදිය එහි දී උපක්‍රම වශයෙන් භාවිතා වෙයි. ගැටුම් වැළැක්වීම සඳහා එවැනි ආකාරයේ ප්‍රතිකර්ම අවශ්‍ය නොවෙයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...