1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට බලපෑ හේතු සාධක කවරේදැයි විමසන්න.
අභිමතාර්ථය :
1972 ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම සිදු වූ සංදර්භය සහ ඒ සඳහා බලපෑ හේතු පිළිබඳව අපේක්ෂකයා සතු දැනුම ඇගයීම, මෙම ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වේ.
හැඳින්වීම :
පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමට පසුබිම් වූ පළල් දේශපාලන සංදර්භය හැඳින්වීම තුළ මුලින් සඳහන් කිරීමට පුළුවන. නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවට සම්පූර්ණ නිදහස ප්රදානය නොකිරීම නිසා සෝල්බරි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවතියේ අතෘප්තියකි. එබැවින්, දේශපාලන නිදහස අංගසම්පූර්ණ සහ අර්ථවත් කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජාතිකවාදී සහ වාමාංශික බලවේග විසින් අවධාරණය කෙරිණ. ඒ අතර ලංකාවේ පශ්චාත් යටත් විජිත ජාතිකවාදය වර්ධනය වූයේ ද මේ කාලයේ ය.
තොරතුරු, විෂයකරුණු සහ සාකච්ඡාව :
නිගමනය :
1972 ව්‍යවස්ථාව, ලාංකීය සමාජය තුළ සෝල්බරි ව්‍යවස්ථාවට එරෙහිව පැන නැගුණු විවේචන ගණනාවකට එල්ල වූ ප්‍රතිචාරයක් විය. එය ලංකාවේ ජාතිකවාදී සහ යටත් විජිතකරණ දේශපාලනයේ අංගයක් ද විය. නව සමූහාණ්ඩුවාදී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර සම්මත කරන ලද්දේ 1970 දී බලයට පත් වූ සමඟි පෙරමුණය. එය සිංහල ජාතිකවාදී සහ වාමාංශික දේශපාලන සන්ධනයක් විය. 1972 ව්‍යවස්ථාව එම බලවේගවල දේශපාලන මතවාද අනුව සකස් වූ බව කිව හැකිය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.