ශ්‍රී ලංකාව තුළ යටත් විජිත යුගයේ වර්ධනය වූ ජනවාර්ගික දේශපාලනයේ ප්රවණතා
හැඳින්විම :
ජනවාර්ගික දේශපාලනය යටත්විජිත ශ්‍රී ලංකාවේ නූතන දේශපාලනය වර්ධනය වීමේ එක් නිශ්චිත ප්‍රවණතාවක් විය. එම ක්‍රියාවලිය ආරම්භ වූයේ විසිවැනි සියවසේ දෙවැනි දශකයේදී ය. එහෙත් එහි මූලයන් ඊට පෙර සියවස දක්වා දිවෙයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජවල නව ප්‍රභූ පන්තීන් බිහිවීම, යටත් ව්‍යවස්ථාදායකයේ නියෝජනය පුළුල් වීම, සහ එහි නියෝජනය සඳහා දේශීය ප්‍රභූ කොටස් අතර වර්ධනය වූ තරගය, වාර්ගික දේශපාලනය වර්ධනය වීමෙහි පසුබිමෙහි තිබිණ. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ නියෝජනය තව දුරටත් ව්‍යාප්තවීමේ පසුබිම තුළ එය වැඩිදුර වර්ධනයක් ලැබීය.
පිළිතුරේ අන්තර්ගත විය යුතු ප්‍රධාන විෂය කරුණු :
නිගමනය :
වාර්ගික දේශපාලනය යටත් විජිත ලංකාවේ සමාජය පාත්‍ර වූ නවීකරණ සහ ප්රජාතාන්ත්රීයකරණ ක්‍රියාවලීන්ගේ ප්රතිඵලයකි. එය යටත් විජිතපාලනයට දැක් වූ ප්‍රතිචාරයක් ද විය. යටත් විජිත ආණ්ඩුව ද වාර්ගික දේශපානයට අනුබල දුන්නේ ය. හේතුව, වාර්ගික දේශපාලනය “බෙදා පාලනය කිරීමේ’’ යටත් විජිත ප්‍රතිපත්තියට ආධාරකාරී වීමයි. කෙසේ වුවත්, පසු කාලයේ ලංකාවේ ඇති වූ ජාතික ව්‍යාපාරවල මූලයන් වූයේ යටත් විජිත යුගයේ වර්ධනය වූ වාර්ගික දේශපාලන ව්‍යාපාරයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.