ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට පසුබිම් වූ සාධක
සටහන :
මෙහිදී අපේක්‍ෂා කරන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ විස්තරයක් නොව, නමුත් ඩොනමෝර් කොමිසම පත්කිරීම සඳහා හේතු වූ පසුබිම් සාධක පිළිබඳව විස්තරයකි.
පිළිතුරේ අන්තර්ගත විය යුතු කරුණු
හැඳින්වීම :
ඩොනමෝර් කොමිෂන් සභාව 1927 දී පත්කරනු ලැබීමට, දේශීය දේශපාලන පසුබිම සහ බ්‍රිතාන්‍යයේ යටත් විජිත ප්‍රතිපත්තිවල වෙනස්වීම් යන සාධක බලපා තිබිණ. ඩොනමෝර් යෝජනාවලින් නියෝජනය වූයේ යටත් විජිත ලංකාවේ ආණ්ඩුක්‍රමයේත්, දේශපාලනයේත් ප්‍රජාතාන්ත‍්‍රීකරණ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයකි.
විෂය කරුණු සහ සාකච්ඡාව
උදා-: 1926 ලංකා ජාතික සංගමය විසින් 1926 දී ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා : ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් වූ නිල නොලත් මන්ත්‍රීවරුන්ට විධායක බලතල ලබාදීම සහ ඡන්ද බලය පුළුල් කිරීම ඒ අතර ප්‍රධාන විය.
නිගමනය :
1972 දී ඩොනමෝර් කොමිෂම පත්කරන ලද්දේ හේතු ගණනාවක එකතුවේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවට සුවිශේෂ වූ සාධක මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තියේ වෙනස්වීම් ඒ අතර තිබිණ. එම කොමිෂන් සභාව පත් කිරීමේ අවසාන ප්‍රතිඵලය වූයේ නිදහසට පෙර යටත් විජිත ලංකාවේ දේශපාලන තත්ත්වය ඉක්මනින් පරිවර්තනයට භාජනය වීමයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.