WordPress WooCommerce Themes

නිරවි යුද්ධය යුරෝපයේ දේශපාලනයට බලපෑ අයුරු

නිරවි යුද්ධය යුරෝපයේ දේශපාලනයට බලපෑවේ කෙසේ ද?

  • නිරවි යුද්ධයේ ආරම්භය යනු යුරෝපය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මකවාද දරණ කදවුරු දෙකකට බෙදීම ය.

සෝවියට් කඳවුර – නැගෙහිර යුරෝපය හා රුසියාව

ඇමෙරිකන් කදවුර- බටහිර  යුරෝපය

  • දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගම සෝවියට් රුසියාවත් අමෙරිකා එක්සත් ජනපදය හා සෙසු බටහිර රටවලක් අතර මතභේද වර්ධනය විය.
  • යුද්ධයෙන් පසු ජර්මනිය නැවත ගොඩ නැගීම පිණිස සෝවියට් රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය යටතේ ආරක්ෂක කලාප හතරකට බෙදීම.
  • ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් එකී නැවත ගොඩනැංවීම අවසන් කොට මැතිවරණයක් පවත්වා ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පිහිටුවීමට අරමුණු කර ගැනීම.
  • කෙසේ වෙතත්, සෝවියට් දේශය ශක්තිමත් ජර්මනියක් බිහිවීම තම ආරක්‍ෂාවට තර්ජනයත් බව සලකා ජර්මනිය කොටස්වලට ඛෙදා පාලනය කිරිමට කටයුතු කිරීම.
  • එහි ප්‍රතිඵලයත් ලෙස ප්‍රජාතන්ත්‍රවවාදී බටහිර ජර්මනියත් හා කොමියුනිස්ට්වාදී නැගෙනහිර ජර්මනියක් බිහිවීම.
  • රුසියාව යටත් කරගෙන තිබු නැගෙනහිර යුරෝපා රට වලඳ මැතිවරණ පවත්වා ආණ්ඩු පිහිටුවීමට බටහිර බලවතුන් අතර තිබූ අරමුණ නොතකා රුසියාව එම රටවල කොමියුනිස්ට් පාලනය ස්ථාපනය කිරීම.
  • යුරෝපයේ ආර්ථික අර්බුද සහිතව පැවති ඉතාලිය වැනි තවත් රටවල කොමියුනිස්ට් පක්‍ෂ බිහිවීම.
  • මේ වන තෙක් මැදපෙරදිග කොම්යුනිස්ට් ව්‍යාප්තිය වැළැක් වූ බ්‍රිතාන්‍යය, තුර්කි හා ග්‍රීක යුද කඳවුර පවත්වාගෙන යාමේ දුෂ්කරතාව නිසා ඒවා අ. එ. ජනපදයට භාරදීම.
  • යුරෝපයේ කොමියුනිස්ට් ව්‍යාප්තිය වළක්වන අරමුණ ඇතිව අ. එ. ජනපදය මාෂල් සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
  • කොමියුනිස්ට ආක්‍රමණ වලට එරෙහිව අමෙරිකානු ආධාර ලබාදීමේ අරමුණ ඇතිව වෲමන් න්‍යාය ක්‍රියාත්මක කිරිම
  • යුරෝපය අ. එ. ජනපදය ප්‍රමුඛ බටහිර හා සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර වශයෙන් සඳවුරු දෙකකට බෙදීම.
  • 1948 බර්ලින් අර්බුදය හා 1950 කොරියන් යුද්ධය දෙපාර්ශවය අතර ශීතල යුද්ධයේ උච්ඡතම අවස්ථා දෙකක් විම. මීට අමතරව සුවස් අර්බුදය, කොංගෝ අර්බුදය හා කියුබන් මිසයිල අර්බුදය ආදිය.
  • 1949 දී NAT0 සංවිධානය බටහිර කඳවුරේ යුදමය සංවිධානය වශයෙන් බිහිවීම හා ඊට ප්‍රතිචාර ලෙස සෝවියට් කඳවුරෙන් වර්සෝ සංවිධානය බිහිවීම.
  • CENTO හා SFATO ආදී වශයෙන් ආසියාකරයේද බටහිර කඳවුර හා සම්බන්ධ වූ ගිවිසුම් සංවිධාන බිහි වීම.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා මහා බලවතුන් දෙදෙනා සිය නිෂේධ බලය භාවිත කරමින් සීතල යුද්ධයක නිරත වීම (තම දේශපාලන දර්ශනය අනුදත් ආණ්ඩු සහිත රටවලට සාමාජිකත්වය ලබා දීමට මෙන්ම ප්‍රතිවාදී කදවුරට අයත් හෝ පක්ෂ රටවලට සාමාජිකත්වය ලබා නොදීමට උත්සාහ කිරීම නිදර්ශනයකි.)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...