කාබනික හා අකාබනික සංයෝග (සජීවී සෛල එනම් සජීව පදාර්ථයක)

සජීවී ෙසෙල එනම් සජීව පදාර්ථය නිර්මාණය වී ඇති රසායනික සංයෝග, කාබනික සංයෝග හා අකාබනික සංයෝග වශයෙන් කාණ්ඩ දෙකකට ඛෙදිය හැකි ය. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනික සංයෝග වශයෙන් ද කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග වශයෙන් ද හැඳින්වේ. කාබන් අඩංගු

  • කාබන්ඩයොක්සයිඩ්
  • කාබන්මොනොක්සයිඩ්කාබනේට
  • බයිකාබනේට
  • වැනි සංයෝග කිහිපයක් අකාබනික සංයෝග වශයෙන් සැලකේ.

සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග හතරකි. ඒවා නම්,

  • කාබොහයිඩ්රේට
  • ප්‍රෝටීන්
  • ලිපිඩ
  • නියුක්ලෙයික් අම්ල

මේවා ජීවී ද්‍රව්‍යවල අඩංගු ප්‍රධාන ජෛව අණු ලෙස සැලකේ. මීට අමතරව සජීව පදාර්ථය තුළ ඇති විටමින් ද කාබනික සංයෝග වර්ගයකි.

ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග සජීව පදාර්ථය තැනීමට වැදගත් වන අකාබනික සංයෝග කිහිපයකි.