අක්කරගම් කුලම්- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. යාපනය දිස්ත්රික්කයේ පිහිට් මේ වැවෙන් කුඹුරු අක්කර 3000කට දියවර සැපයේ. |
---|---|
අක්වඩුන්න වැව- | අනුරාධපුර යුගයේ දී වසභ රජු විසින් කරවූ මේ වැව හබරණ ආසන්නයේ පිහිටා ඇත. |
අකඩ විය- | සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න- |
අකතිමුරුප්පු වැව- | අනුරාධපුර යුගයේ දී ධාතුසේන රජු විසින් කරවූයේ යැයි සැලකෙන වැවකි. ආකට්ටිමුරුප්පු වැව සේ ද හැඳින්වෙන මෙය මන්නාරම දිස්ත්රික්කයේ පිහිටා ඇත. කුඹුරු අක්කර 4543කට දියවර සපයයි. |
අච අවි- | (සෙල්ලිපියක එන) වැවක නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න- |
අටීර වැව- | (සෙල්ලිපියක එන) වැවක නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න- |
අඩප්පන් කුලම්- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. වව්නියා දිස්ත්රික්කයේ වැවකි. |
අත්තරගල්ල වැව- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. කුරුණෑගල දිස්ත්රික්කයට අයත් මේ වැවෙන් කුඹුරු අක්කර 993ක් අස්වද්දනු ලැබේ. |
අතට වවිය- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න- |
අති වවිය- | (සෙල්ලිපියක එන) වැවක නමකි. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න. |
අන්දම් කුලම්- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අන්දෙ වැව- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අනඔලන්ද කුලම්- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අනාඋළුන්දාව- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.මේ වැව පිළිබඳ වැඩි විස්තරයක් සපයා ගැනීමට අපහසු විය. |
අනෙයිසුඩ්ඩකඩ්ඩුක්කුලම්- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අප්පගම වැව- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අබගමක වවි- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න. |
අබදලක වවි- | ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න. |
අබය අවික- | සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැකග සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න- |
අබය අවික විය- | සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න. |
අබය වවි- | සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.# |
අබය විකි විය- | සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න# |
අබ විය- | සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න# |
අභය වැව- | ක්රි.පූ.4 වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් කරවූ වැවකි. අනුරාධපුර නගරාශ්රිතව අති මෙය බය වෑල බසවක්කුලම ඈ නම් වලින් ද හඳුන්වයි. විශාලත්වය අක්කර 205ක් පමණ වේ. ලංකාවේ මුල්ම යුගයට අයත් වැවකි. මහින්දාගමනයට පෙර තැනූවක් බව පෙනෙන්නේ, ථූපාරාමය මුල්වරට ඉදිකළේ අභය වැවේ මැටි වලින් බව වංසකතා වල සඳහන් වන නිසා ය. එ සමයෙහි අබා වැව සිඳී ගියේ ය. වැව මුළුල්ලෙහි වළල් පැලී ගියේ ය. රජ්ජුරුවෝ බොහෝ දෙනා ලවා වළල් කැට ගෙන්වාගෙන ඇත් කුඹ විචරට ගොඩ කොට... ථූපවංසය. කරුණාතිලක සංස්කරණය-104-105 පිටු. |
අම්බලන්කොයිල් කුලම්- | ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අම්බුවිල්ලු කුලම්- | ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අම්පල් කුලම්- | වව්නියා දිස්ත්රික්කයේ වැවකි. |
අම්මාල්කුලම්- | අම්පාර දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |
අමරගලක වවි- | සෙල්ලිපියක එන නමකි (සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න)# |
අමරිවායල් කුලම්- | ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි වැවකි. |