ඉංග්‍රීසීන්ගේ නිජබිමට ළඟින් ම වතිකානුවටත් වඩා කුඩා රටක්? සීලන්ඩ් ලොව කුඩා ම රට ද?

ඉංග්‍රීසීන්ගේ නිජබිමට ළඟින් ම වතිකානුවටත් වඩා කුඩා රටක්? සීලන්ඩ් ලොව කුඩා ම රට ද?

සීලන්ඩ් හි ප්‍රින්සිපල්ටිටි (The Principality of Sealand) යනු බ්‍රිතාන්‍ය වෙරළට කිලෝමීටර් දොළහක් පමණ දුරින් උතුරු මුහුදේ අක්වෙරළ වේදිකාවක් වන HM Fort Roughs (Roughs Tower)හි පිහිටුවා ඇති රටකි. මෙය මෙතෙක් රටක් සේ පිළිනොගත් නොගත් ක්ෂුද්‍ර රාජ්‍යයක් සේ සැලකේ. HM Fort Roughs යනු දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් ජාත්‍යන්තර මුහුදේ ඉදිකරන ලද මුහුදු බලකොටුවකි. 1967 සිට, මේ බලකොටුව භාවිතයෙන් ඉවක් කළ අතර, පසුව එය දැනට එහි පදිංචි පැඩී රෝයි බේට්ස්ගේ පවුලේ අය සහ ඔවුන්ගේ සමීපතමයින් විසින් අත්පත් කරගෙන තිබේ. ඔවුන් මෙය ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර ඇත. බේට්ස් 1967 දී මෙහි පැමිණෙන විට එය මුහුදු කොල්ලකරුවන්ගේ සන්නිවේදන කටයුතු සඳහා යොදාගෙන තිබුණි. ඔහු ඇතුළු පිරිස එම මුහුදු කොල්ලකරුවන්  පලවාහැර රෆ්ස් ටවර් අල්ලා ගත්තේ එහි තමාගේම ස්ථානයක් පිහිටුවීමේ අදහසිනි. 1978 දී සීලන්ඩ් කුලී මැර පිරිසක් විසින් ආක්‍රමණය කළ නමුත් බේට්ස් ඇතුළු පිරිස එම ප්‍රහාරය මැඩපැවැත්වීමට සමත් විය. ඉන් අනතුරුව 1987 සිට, එක්සත් රාජධානිය නාවික සැතපුම් 12 දක්වා තම මුහුදු සීමාව දීර්ඝ කළ විට, එතුවක් ජාත්‍යන්තර මුහුදේ පැවති මෙම වේදිකාව බ්‍රිතාන්‍ය භූමියට අයත් එකක් බවට පත්විය.

Sealand (Photo is from the Internet. Copyright belongs to the original owner.)

HM Fort Roughs  යනු 1943 දී, එනම් දෙවන ලෝක සංග්‍රාමයේදී, එක්සත් රාජධානිය විසින් ඉදිකරන ලද සමුද්‍ර බලකොටුවකි. මෙය මූලික වශයෙන් භාවිත කළේ ජර්මානු බෝම්බ ගුවන් යානා වලට එරෙහිව ය. අසල මෝය ප්‍රදේශාශ්‍රිතව ඇති වැදගත් නෞකා මාර්ග ආරක්ෂා කිරීම සඳහා එය යොදාගන්නා ලදී. එය පාවෙන පදනමකින් සමන්විත විය. පසුව මෙම බලකොටුව රළු වැලි තීරුවක් සහිත ස්ථානයකට ඇදගෙන යන ලද අතර, එහි පාදම වතුරෙහි ගිල්වන ලදී.

මෙම කුළුණ 1965 පෙබරවාරි සහ අගෝස්තු මාසවලදී ජැක් මුවර් සහ ඔහුගේ දියණිය ජේන් විසින් අත්පත් කර ගන්නා ලද අතර, ලන්ඩන් මුහුදු කොල්ලකරුවන්ගේ මධ්‍යස්ථානය වෙනුවෙන් වෙන් විය. 1967 සැප්තැම්බර් 2 දින, එය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ මේජර් පැඩි රෝයි බේට්ස් විසින් අත්පත් කර ගන්නා ලදී. පසුව බේට්ස් රෆ්ස් කුළුණේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර එය සීලන්ඩ් හි ප්‍රධානත්වය ලෙස සැලකේ.ඒ අවට මුහුද බේට්ස් විසින් සිය මුහුදු කලාපයක් වශයෙන් නම් කරන ලදී. ඒ අතර 1968 දී, බ්‍රිතාන්‍ය කම්කරුවන් වේදිකාව අසල නාවික බෝයාවක් සම්බන්ධ කාර්යයක් සඳහා මෙම මුහුදු කලාපයට ඇතුළු විය. එයට විරුද්ධ වූ මයිකල් බේට්ස් (පැඩී රෝයි බේට්ස්ගේ පුත්) බලකොටුවේ සිට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමෙන් කම්කරුවන් බිය ගැන්වීමට උත්සාහ කළේය. එකල බේට්ස් බ්‍රිතාන්‍ය යටත්වැසියෙකු වූ බැවින්, සිද්ධියෙන් පසු ගිනි අවි චෝදනා මත ඔහු එංගලන්තයේ උසාවියට ​​කැඳවන ලදී. එහෙත් එම වේදිකාව බ්‍රිතාන්‍ය භෞමික සීමාවෙන් පිටත, එවකට රටේ මුහුදු සීමාවේ නාවික සැතපුම් 3 (කිලෝමීටර් 6) සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බව අධිකරණය තීන්දු කළ බැවින්, නඩුව ඉදිරියට යාමට නොහැකි විය. මෙය සීලන්ඩ් හි වූ සත්‍ය තත්ත්වය පිළිගැනීමට ලක්වූ පළමු අවස්ථාව ලෙස බේට්ස් සලකයි.1975 දී බේට්ස් විසින් සීලන්ඩ් සඳහා ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර ඉන් අනතුරුව ජාතික කොඩියක්, ජාතික ගීයක්, මුදල් ඒකකයක්, විදේශ ගමන් බලපත්‍ර සහ ආගමන මුද්‍රාවක් ද හඳුන්වා දුන්නේය. නමුත් මේ රාජ්‍යය තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෝ වෙනත් කිසිදු රටක් විසින් ස්වාධීන රාජ්‍යයක් සේ පිළිගෙන නැත. එසේ පිළිගතහොත් මෙය මෙතෙක් ලොව කුඩා ම රාජ්‍යය ලෙස වතිකානුව දරා සිටින කිරුළ හිමිකරගනු ඇත.

තවත් තොරතුරු ඉදිරි කලාප වලින් බලාපොරොත්තු වන්න.

 

ඉංග්‍රීසි වචනයක් උගනිමු

aback

“aback” යන වචනය විස්මයට පත් කිරීම හෝ නොසැලකිලිමත් වීම යන අර්ථය ඇති විශේෂණ පදයකි. විවිධ කාලවලට අනුව එය වාක්‍යවල භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ උදාහරණ මෙන්න:

Present Tense:

(1) Every time the magician performed a new trick, the audience was taken aback by his skill.

(2) She often takes her friends aback with her unexpected sense of humour.

magician-මැජික් ශිල්පියා/ඉන්ද්‍රජාලිකයා

performe-ඉදිරිපත් කරනවා/ප්‍රදර්ශනය කරනවා/දක්වනවා/රඟනවා

trick-උපක්‍රමය/උපාය/ ප්‍රයෝගය

audience-ප්‍රේක්ෂකාගාරය

skill-හැකියාව/දක්ෂතාව

often-නිතර/ බොහෝ විට/නොයෙක් අවස්ථාවල

unexpected-අනපේක්ෂිත/බලාපොරොත්තු නොවූ

sense-හැඟීම/සංවේදීතාව/සිහිය/අවබෝධය

humour- හාස්‍යය/විහිළුව/ප්‍රකාශන හැකියාව/සිතේ ස්වභාවය

Past Tense:

When she heard the news, she was completely taken aback.

The sudden change in weather took us all aback during our camping trip.

Future Tense:

I’m sure the announcement will take everyone aback; it’s quite unexpected.

Don’t be surprised if the complexity of the problem takes you aback when you attempt to solve it.

Present Perfect Tense:

The revelation has taken the entire community aback.

He has always had a way of saying things that takes people aback.

Past Perfect Tense:

By the time they realized what had happened, it had already taken them aback.

She had never encountered such a situation before; it left her completely taken aback.

Future Perfect Tense:

By the end of the performance, the grand finale will take the audience aback.

After months of planning, the surprise party is sure to take him aback.