මෙය ඇරඹෙන්නේ කතියවාර් අර්ධද්වීපයට සමීපව නර්මදා මුවදොර ආසන්නයෙනි. එය එතැන්සිට ඊසාන දෙසටත් නැගෙනහිරටත් සැතපුම් දහසක් පමණ විහිදෙයි. හින්දුස්තානි තැනිතලාව ඩෙකෑනයෙන් වෙන් කරන ප්රධාන භූ පිහිටීම මෙයයි. මාල්වා උස්බිම්, රාජ්පුතානා නිම්නය, බුන්දෙල් චාන්ද්, බාසෙල් චාන්ද් වැනි උස්බිම් නිර්මාණය වන්නේ මේ කඳුවැටිය නිසාවෙනි. ඉන්දීය ඉතිහාසයේ ඉතා ඈත යුගයක පටන් මේ කඳු පන්තිය වැදගත් වී ඇත. මේ කඳුවැටිය ආසන්නයේ පැවති කුඩා රාජධානි කිහිපයක් පිළිඹඳව රාමායනයේ ද සඳහන් වේ.