පරිසරය රකින පෑන් මෝචරියට ඔබත් දායක වන්න

 

 

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බෙදාහැර තිබූ දැන්වීමක් කෙරෙහි එඩියු හෙල්ප් අපගේ විශේෂ අවධානය යොමු විය.

මෙය පරිසරය කෙරේ හිතැති ඕනෑම අයෙකු පැහැදිලිව ම අගය කළයුතු ක්‍රියාවකි.

මේ නිසා ම අපි මෙම වැඩසටහන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන චතුර දාබරේ මහතා සමග මේ පිළිබඳ කතාබහ කිරීමට කටයුතු කළෙමු.

කාලයක පටන් පරිසර හිතකාමී පැන් නිපදවමින් පරිසර සංරක්ෂණයට ද දායක වන අතර සිය ජීවන වියදම ද පියවාගැනීමට කටයුතු කරන ඒ මහතා මෙම ව්‍යාපෘතියට මුලපුරන්නේ මූලිකව ම පරිසර සංරක්ෂණ අරමුණ ඇතිව ය. ශ්‍රී ලංකාවේ දෛනිකව පරිසරයට එකතු කරන භාවිතයෙන් ඉවත් කරන පෑන් ප්‍රමාණය ගණනය කිරීමටට දුෂ්කර තරම් වේ. මීට කලකට පෙර අප තීන්ත පුරවමින් යළි යළි භාවිත කළහැකි පෑන් භාවිත කළ ද, දැන් ඒ තත්ත්වය අභාවයට ගොස් තිබේ. ඉතා සුළු ිරිසක් පමණක් තීන්ත පෑන් භාවිත කළ ද අති බහුතරය වරක් පමණක් භාවිත කළහැකි බෝල්පොයින්ට් වර්ගයේ පෑන් භාවිතයට පෙළඹී සිටිති.  මෙම පෑන් ලංකාවට ගෙන්වන හා බෙදාහරින සමාගම් හෝ මේ පෑන් භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ වන විටත් දියත් කර නැත. මේ නිසා පරිසරයට එකතු වන පෑන් ප්‍රමාණය අතිශය ඉහළ අගයක් ගන්නා අතර ඇසට නොපෙනෙන සියුම් එහෙත් බරපතල පාරිසරික අර්බුදයක් දක්වා මෙය වර්ධනය වී තිබේ. ඇතැමුන් මේවා පුළුස්සා දමන නමුත් එය වඩාත් අහිතකර වේ. මේ ක්‍රියාවලිය නිසා වායුගෝලය බරපතල ලෙස දූෂණය වන අතර, පිළිකාකාරක බහුල වශයෙන් පරිසරයට මුදාහැරෙයි. නමුත් මේ පිළිබඳ ජනතා දැනුම ඉතා අල්පය. ඇතැම් විට ඔබට එය වැටහෙන්නේ පිළිකා රෝහලේ දී හෝ වෙනත් රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගතව සිටින අවස්ථාවක විය හැක. මෙය ඉතා ඛේදජනක තත්ත්වයකි. මේ නිසා චතුර දාබරේ මහතාගේ උත්සාහය කිසිදු ආග්, ජාති භේදයකින් තොරව, දුප්පත් හෝ පොහොසත් භේදයකන් තොරව සැවාම ඉහලින් ම අගයකළයුතු වේ. එපමණක් නොව මේ කාර්යය නිසා ප්‍රතිලාභ ලබන්නන් රාශියක් ද නිතැතින් ම නිර්මාණය වේ.

භාවිතයෙන් ඉවත් කළ පෑන් එකතුකිරීම පිණිස ඔබ ප්‍රදේශයේනියෝජිතයෙකු වශයෙන් කටයුතු කරමින් අමතර ආදායමක් උපයාගැනීමට ද ඔබබට හැකියාව පවතී. ඒ සඳහා ඔබ කළයුත්තේ පහත ලේබලය ඇලවූ කාඩ්බෝඩ් පෙටිට්යක්ඔබ ප්‍රදේශයේ රජයේ කාර්යාල පාසල් ආදී ස්ථාන වල තැබීමයි. පෑන් එකතු වූ පසු ඒ්වා අප වෙත භාරදෙන ආකාරයත්, ඔබට හිමිවන ප්‍රතිලාභ  ආදියත් පිළිබඳ තොරතුරු සඳහා මෙම වැඩසටහනේ නිර්මාතෘ චතුර  දාබරේ මහතා අමතන්න.

0711395003

0762405003

කාඩ්බෝඩ් පෙට්ටියේ ඇලවියුතු ලේබලය මෙතැනින් PDF ඒකක් ලෙස ලබා ගෙන මුද්‍රණය කරගන්න

 

 

 

 

 

 

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න

 

මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය