ඇතීනා

 

ඇතීනා යනු ග්‍රීක මිථ්‍යා කථා වල වැදගත්ම දේවතාවියක වන අතර ඇය ප්‍රඥාව, යුද්ධය සහ ශිල්පීයත්වයට අධිපතිනිය වේ. ඇය සියුස්ගේ සහ ටයිටේනස් මෙටිස්ගේ දියණිය යි. පුරාණ ග්‍රීසිය පුරා ඇතීනා නමස්කාර කළේ ප්‍රඥාවේ සහ දැනුමේ දෙවඟනක් ලෙසය. ඇය බොහෝ විට නිරූපනය කර ඇත්තේ හිස්වැස්මක් පැළඳ පලිහක්(ඒජිස්), හෙල්ලයක් සහිතව ය. ශිල්පීයත්වයට අධිපනිතිය ද වන ඇය හස්ත කර්මාන්ත, විශේෂයෙන් රෙදි විවීම හා බැඳුණු අතර එ් නිසා බොහෝ විට ඇයව රෙදි වියනකින් ද නිරූපණය කරන ලදී.

Share with Student