“ඇතැන්ස් පාසල” යනු ඉතාලි පුනරුද කලාකරු රෆායෙල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රසිද්ධ බිතු සිතුවමකි. එය ඉතාලියේ රෝමයේ වතිකානු මාලිගයේ ඇති ස්ටැන්සා ඩෙලා සෙග්නාටුරා හි බිත්ති අලංකාර කරන ලද බිතුසිතුවම් හතරෙන් එකකි. මෙම බිතුසිතුවම් නිර්මාණය 16 වන සියවසේ මුල් භාගයේ දී II ජූලියස් පාප්තුමාගේ සමයේ ඇරඹුණු අතර ඒවා පුනරුද කලාවේ විශිෂ්ටතම කෘති ලෙස සැලකේ. “ඇතැන්ස් පාසල” 1509 සහ 1511 අතර රෆායෙල් විසින් පින්තාරු කරන ලද අතර එහි, ලොව කලින් කලට පහළ වූ පැරණි දාර්ශනිකයන් සහ විද්වතුන්, සම්භාව්‍ය ග්‍රීක හෝ රෝම ගොඩනැගිල්ලකට සමාන මනඃකල්පිත වාස්තුවිද්‍යාත්මක පසුබිමක දාර්ශනික කතිකාවක යෙදී සිටින ආකාරය නිරූපණය කර තිබේ.