අවසන් රාත්‍රී භෝජනය

 

 

අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය යනු බයිබලයේ විස්තර කර ඇති පරිදි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට පෙර ඔහුගේ ගෝලයන් සමඟ අවසන් භෝජන සංග්‍රහය භුක්තිවිඳීම නිරූපණය කරන චිත්‍රයකි. මෙවැනි සිතුවම් ගණනාවක් නිර්මාණය වී ඇතත් මේ නමින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ලෙනාඩෝ ඩා වින්චිගේ බිතු සිතුවම යි. ඔහු 1498 දී ඉතාලියේ මිලානෝ හි සැන්ටා මාරියා ඩෙලේ ග්‍රේසි කන්‍යාරාමයේ ආපනශාලාවේ බිත්තියේ එම සිතුවම නිම කරන ලදී. ලෙනාඩෝගේ සිතුවම අඩි 15×29 විශාල බිතු සිතුවමක් වන අතර ජේසුස් වහන්සේ රාත්‍රී භෝජනය අතර, හෙට දිනයේ තම ගෝලයෙකු තමාව පාවා දෙන බව ප්‍රකාශ කළ අවස්ථාව එහි නිරූපණය වේ.

Share with Student