අයිෆල් කුලුන

අයිෆල් කුළුණ යනු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුවිශේෂී ඉදිකිරීමකි. එය ලෝහ භාවිතයෙන් කළ කුළුණු ව්‍යුහයක් වන අතර එය මීටර් 330 (අඩි 1,083) උසකින් යුක්ත වේ. එය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානීය සංකේත වලින් එකක් ලෙස පිළිගැනේ. අයිෆල් කුළුණ පිහිටා ඇත්තේ පැරිසියේ 7 වන ආරොන්ඩිස්මන්ට් හි විශාල පොදු උද්‍යානයක් වන චැම්ප් ඩි මාර්ස් හි ය. එය පැරිස් නගරයේ සහ සමස්ත ප්‍රංශයේ ආවේණික සංකේතයක් බවට පත්ව ඇත.  අයිෆල් කුළුණ ප්‍රංශ ඉංජිනේරු ගුස්ටාව් අයිෆල් විසින් නිර්මාණය කර තිබේ. ප්‍රංශ විප්ලවයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා 1889 දී පැරීසියේ පැවති ලෝක ප්‍රදර්ශනයේ ප්‍රවේශ ආරුක්කුව ලෙස නිම කරන ලදී. මුලදී, මෙම කුලුන පිළිබඳ විවිධ ප්‍රතිචාරවලට මතුවිය. එහි සාම්ප්‍රදායික නොවන සැලසුම නිසා ඇතැමුන්ගේ විවේචනයට ලක් විය. කෙසේ වෙතත්, එය ක්‍රමයෙන් පිළිගැනීමට ලක් වූ අතර එතැන් සිට සෑම වසරකම ලොව පුරා මිලියන සංඛ්‍යාත අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ හා ආදරණීය සන්ධිස්ථානයක් බවට පත්ව ඇත. අයිෆල් කුලුන නිර්මාණව කර ඇත්තේ යකඩ කැබලි 18,000කට අධික ප්‍රමාණයකිනි. එහි රිවට් කිරීම් මිලියන 2.5කින් යුතු ය. කුලුන උස මට්ටම් තුනකට බෙදා ඇත, එම එක් එක් ඒවාට සෝපාන හෝ පඩිපෙළ මගින් ප්‍රවේශ විය හැක. කුලුනෙහි නැරඹුම් මැදිරිවලින් පැරිස් නගරය හා ඒ අවට ප්‍රදේශවලක දසුන් ලබාගතහැකි අතර ඒ නිසා එය ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් හිමිකරගෙන තිබේ. එපමණක් නොව පැරිස් නාගරික අහසේ සංකේතයක් බවට ද පත් වී තිබේ. වසර ගණනාවක් පුරා අයිෆල් කුලුන විවිධ අරමුණු වලින් භාවිත වී ඇත. මුල දී එය ප්‍රදර්ශනය සඳහා යොදාගන්නා ඉදිකිරීමක් ලෙස යොදාගත් නමුත්  වෙතත්, පසුුව ගුවන් විදුලි සම්ප්‍රේෂණ සහ විකාශන ඇන්ටෙනාවක් ලෙස භාවිතා කරන ලදී. අද, එය ජනප්‍රිය හා සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් ලෙස වඩාත් ප්‍රකට ය. පැරිස් නගරයට පැමිණෙන අමුත්තන්ට එහි අවන්හල්වල ආහාර ගැනීමට සහ නැරඹීමටත්,  ඉංජිනේරු තාක්ෂණ ඉතිහාසය ගවේෂණය කිරීමට හැකි වේ. අයිෆල් කුළුණ පැරිසියේ කල්පවත්නා සංකේතයක් බවට පත්ව ඇති අතර එය ප්‍රංශයේ සංකේතයක් ලෙස ලොව පුරා පිළිගැනේ. තව ද එය මානව ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් වශයෙන් ද, ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වශයෙන් ද හැඳින්විය හැක. අදටත් පැරීසියට යන සංචාරකයින් නැරඹිය යුතු ගමනාන්තයක් ලෙස ලෝ පුරා පිළිගැනීමක් පවතී.

Share with Student