දැදිගම

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ස්ථූපයක් නිසා දැදිගම වඩාත් ප්‍රකට විය. මේ ස්ථූපය කොට වෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය නම් වේ. එය මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය වශයෙන් පිළිගැනේ. මෙහි තිබී හමු වුණු අගනා ඇත් පහන් දෙක ලංකාවේ තාක්ෂණික ඉතිහාසය පිළිබඳ කදිම සාධකයක් වේ. පුංඛගාම හෙවත් ජාති ගාම නම ද මේ ස්ථානයට යෙදී තිබේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න