තොටගමුව

ලංකාවේ දකුණු පළාතට අයත් පැරණි තොටුපළක් වූ ප්‍රදේශයකි. තොටගමුව විහාරය හෙවත් තෙල්වත්ත විහාරය නිසා ද මේ ප්‍රදේශය ප්‍රකට ය. මේ විහාරය දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග උපරජු විසින් කරවී යැයි සඳහන්වේ. තොටගමුවේ විජයබා පිරිවෙන දඹදෙණි යුගයේ තුන්වන විජයබාහු රජු විසින් කරවා ඇතැයි පිළිගැනෙයි. කෝට්ටේ යුගයේ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ද තොටගමුවේ ප්‍රකටභාවයට සැලකියයුතු දායකත්වයක් සපයා තිබේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න