කල්පිටිය

ලංකාවේ වයඹදිග වෙරළේ වෙරළ තීරයේ සිට උතුරට විහිදී යන අර්ධද්වීපික භූමි තීරයේ උතුරු කොටසේ නැගෙනහිර වෙරළේ පිහිටි කුඩා එහෙත් ඉතා පෞරාණික නගරයකි. සොලමන් රජු දවස ෆිනීසියානු වෙළෙන්දන් කල්පිටියට පැමිණ ඇති අතර 1826 වසරේ මේ ආශ්‍රිතව සොයා ගත් ප්‍රතිමා 9ක් මේ පිළිබඳසාධක සපයයි. ඉතා පැරණි යුගයන්ට අයත් රන් හා තඹ කාසි රැසක් ද කල්පිටියෙන් හමු වී ඇත. පැරකුම්බා කුමරු(පසුව මහා පරාක්‍රමබාහු) දක්ඛිණ දේශයේ පාලකයා වූ පසු කල්පිටිය වරාය සංවර්ධනය කරවා විදෙස් වෙළඳකටයුතු වැඩිදියුණු කර ඇත. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට කල්පිටියේ වෙළඳකටයුතු කළෝ මුස්ලිම් ජාතිකයෝය. 1644 දී මේ අර්ධද්වීපය පෘතුගීසීන් විසින් අල්ලා ගත්ත ද මෙය සංවර්ධනය කර රැකවරණ බලකොටුවක් ද ඉදි කළේ ලන්දේසීන් විසිනි. 2වන රාජසිංහ රජු කල්පිටිය යළි අල්ලා ගැනීමට උත්සාහ කළ ද සාර්ථක නොවීය. පසුව මෙය ඉංග්‍රීසීන් විසින් සටන් නොකර ම අල්ලා ගත්හ. මුතු කිමිදීම, හක් ඛෙල්ලන් ඇල්ලීම, ධීවර කර්මාන්තය, ලුණු නිපදවීම වැනි කටයුතු නිසා කල්පිටිය වඩාත් ප්‍රකට විය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න