අත්තනගල්ල

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයකි. ආගමික වැදගත්කම වැඩි ය. ක්‍රි.වර්ෂයෙන් තෙවන සියවසේ රජකම් කළ සිරි සංඝබෝධි රජුගේ කාලයට සම්බන්ධ යැයි පැවසෙන් ජනශ්‍රැතිමය සාධක ඇති ප්‍රදේශයක් වුවත්, ඒ පිළිබඳ පැහැදිලි පුරාවිද්‍යා සාක්ෂි හමු නොවේ. ක්‍රි. ව. 4වන සියවසේ මෙහි භාවනානුයෝගී භික්ෂූන්වහන්සේලා වැඩසිටි බව හත්ථවනගල්ල විහාරවංසය අනුව පෙනී යයි. අත්තනගල්ලේ විහාරය සතු පැරණි වටදාගෙය ලංකාවේ පැරණි වටදාගෙයක ස්වරූපය පෙන්වන එක ම වටදාගෙය යැයි පරණවිතාන මහතා පවසයි.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න