අටදහස් රට

අට්ඨසහස්සක/අට්ඨසහස්සරට්ඨ-රුහුණු රටේ වළවේ ගඟෙන් එගොඩ නැගෙනහිරට හා ගිනිකොනට නැඹුරු කොටසයි. නමුත් එය ගල් ඔය ප්‍රදේශයෙන් උතුරට පැතිර ගිය බවක් නොපෙනෙයි. ගල් ඔයෙන් උතුරේ කොටස පොළොන්නරු පාලකයාගේත් අටදහස් රටේ පාලකයාගේත් බලය පොදුවේ ක්‍රියාත්මක වන්නට ඇත. ලංකාවේ පරිපාලන ඒකකයක් වශයෙන් ද හැඳින්විය හැක. පහළ ඌව හා වත්මන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාග කොටසක් මීට අයත් වීය.  ක්‍රි. ව.11 වන සියවසෙන් පසු ඇති වූ බාහිර හා අභ්‍යන්තර ආරවුල් මෙය බිහි වීමට බලපාන්නට ඇතැ’යි සිතිය හැක. මුල් කාලයේ මෙහි අගනුවර වූයේ උඳුන්දොර(උද්වනද්වාර)හෙවත් වර්තමාන ගලබැද්දයි. පසු කාලීනව පලූට්ඨගිරිය ද අගනගරයක් සේ වර්ධනය විය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ සුළු පියා වූ සිරිවල්ලභ කුමාරයා මේ ප්‍රදේශයේ සිට පාලන කටයුතු සිදු කළ බව කියැවේ. පරිපාලන කටයුතු වල දී අටදහස් රට මණ්ඩල කිහිපයකට ඛෙදා තිබුණු අතර ප්‍රධාන මණ්ඩලය වූයේ ගුත්තහාල මණ්ඩල හෙවත් බුත්තල මණ්ඩලය යි.ජවමාලාතොට, නකුල නගරය, කාලවල්ලිමණ්ඩපය ඇදී තැක් මෙහි තිබූ වැදගත් ස්ථාන වේ. මීට අමතරව මහාගාම, පලූට්ඨගිරි, චිත්තල පබ්බත, කාචරගාම වැනි නගර ද ගෝඩපබ්බත හෙවත් ගොඩවාය වරාය ද, කිරින්ද නදී, කප්පරකන්දර නදී වැනි ගංගා ද මීට අයත් ඓතිහාසික ස්ථාන වේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න