ලංකාවට හඳුන්වාදෙන STEAM අධ්‍යාපන ක්‍රමවේදය

 

ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද සිට මෙරට පාසල් අධ්‍යාපනයට එක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ අද පැවති ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා, ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් ස්ටීම් අධ්‍යාපනය හඳුන්වා දෙමින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බවත් පැවසී ය.
වත්මන් පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය ඔස්සේ අභිනවයෙන් මෙරටට හඳුන්වා දෙන මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය ධාරාව අනුව කිසිදු දරුවකු පාසල් අධ්‍යාපනයෙන් අතරමග දී ඉවත් නොකෙරෙන බවත් අද අනවරත තරගයකට මැදි ව සිටින සිසුන්ට විමර්ශනශීලී ව සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු පාසල් පරිසරයක් නිර්මාණය වන බවත් ඒ තුළ දරුවන්ට කණ්ඩායම් හැඟීමෙන් යුතු ව සහයෝගයෙන් නිදහසේ ඉගෙනගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
එසේ ම සිංගප්පූරුව වැනි රටවල විද්‍යා මධ්‍යස්ථාන, කෞතුකාගාර වැනි ස්ථාන පිරී පවතින්නේ ප්‍රාථමික හා පෙරපාසල් වියේ දරුවන්ගෙන් බවත් පූර්ව ළමා වියේ දී ම ඒවා නිරීක්ෂණයට ලැබෙන අවස්ථා සමග ජනිත වන කුතුහලය ඔස්සේ සිසුන් තාර්කික චින්තනයට නැඹුරු වන බවත් පැවසූ අමාත්‍යවරයා නුදුරු අනාගතයේ ම මෙරටටත් විද්‍යා මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගන්නා බව ද මෙහි දී සඳහන් කළේ ය. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙන් ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු අතර කෘත්‍රීම බුද්ධිය නිසා ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ මං සොයන ලෝකය සමග අප ද එක් විය යුතු බවත් නව අධ්‍යාපන පරිවර්තන හරහා මෙරට දරුවන්ට එයට මග සැලසෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. දැනුම අතින් ඉහළ ස්ථානයක සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවට සිය කුසලතා ඔප් නංවා ගැනීම මගින් ඊට අනුගත වීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
ඉදිරියේ දී දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන මෙම නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ දෙස් විදෙස් සේවයේ නියුතු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්වතුන් සමග බුද්ධිමය සංවාද හා සාකච්ඡාවල යෙදෙමින් ප්‍රායෝගික ව විෂය සිද්ධාන්තමය දැනුම උකහා ගැනීමේ අවස්ථාව මෙරට පාසල් සිසුන්ට උදා වනු ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන‍ඥයන්, විද්වතුන් හා නිලධාරීන් මෙන් ම ප්‍රතිලාභී ශිෂ්‍ය ප්‍රජාව ද ඇගයීමට ලක් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න

Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය