භාරතීය සංගීතයෙන් ලොවක් සැනසූ ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර්.-පළමු ලිපිය :

නිලක්ෂි බණ්ඩාර

අහන්න

ලොව විසුළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් අතර ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර් නාමය ඇසු සැණින් අප මතකය අවදි කරන්නේ එතුමන්ගේ මහා කවිත්වයයි.නමුදු කවියෙන් එහාට ගිය සංගීතඥයෙකු , දාර්ශනිකයකු ,ගත් කතුවරයකු ද චිත්‍ර ශිල්පියෙකු ,නාට්‍යධරයකු සේම අධ්‍යාපනඥයකු ලෙස තම දැනුම ලොව පුරා විහිද වූ මෙතුමා නුතන ඉන්දීය කළා සාහිත්‍යයේ පුරෝගාමියකු වන අතර ඉන්දියානු අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයකි. එමෙන්ම දේශ සිමා සහ කාල සීමා ඉක්මවමින් පෙර අපරදිග යා කල මහා පුරුක වීමට රබින්ද්‍රයන් හේතු වුයේ විවිධ කුසලතාවයන්ගෙන් හෙබි ඔහුගේ පෞර්ශයයි.

මෙතුමා 1861 මැයි 6 වන දින කල්කටාවේ ජෝරසංකෝ මැදුරේදී උපත ලද අතර මෙම මන්දිරය නිබඳවම සංගීත රාවය රැව්පිළි රැව් දුන් කලාගාරයක් විය.මහර්ෂි යන නාමය ලද දවෙන්ද්‍රනාත් තගොර්තුමන් ට අයත්වූ මන්දිරයේ නිතර ශාස්ත්‍රීය ප්‍රසංග පැවැත්වුණු අතර කුඩා රබින්ද්‍රනාත්ට එම ප්‍රසංග නැරඹීමේ අවස්ථාව හිමිවිය. Jadu Bhatt , Shrikant Singha , Radhika Go swami , Shyam Sundar Mishra ,Ramprasad Mishra (පවුලේ සිතාර් ගුරුතුමා ) ආදී සංගීතඥයන්ගෙන් ගුරුහරුකම් ලැබීය.එමෙන්ම සොයුරන් වූ බටහිර සංගීතයේ ,බටහිර ස්වර ලිපි රචනයෙහි, වයලින් මෙන්ම පියානෝ වාදනයෙද නිපුණයකු වූ ජෙයතින්ද්‍රනාත් සෝමේන්ද්‍රනාත් සහ සත්යෙන්ද්‍රනාත් හේමෙන්ද්‍රනාත් ද උගත් උත්තර භාරතීය සංගීතයෙන් ලද අභාෂයද , මෙතුමන්ට ලැබුණි.

කෙටි කලක් පමණක් ඔරියෙන්ටල් සෙමනේරියේ අධ්‍යාපනය ලැබුමුත් එහි දැඩි නීතිරීති වලින් හෙම්බත්වූ මෙතුමා පාඨශාලා අධ්‍යනය ප්‍රතික්ෂේප කොට නිවසේදී සෞන්දර්යාත්මක අධ්‍යාපනය ලද අතර ඉංග්‍රීසි සහ සංස්කෘත භාෂා වලින් පරිචය ලැබිය.කුඩා කල සිටම ගීත රචනයටත්, තනු නිර්මාණයටත් , දස්කම් පෙන්වූ අතර , ඔහු කියවූ සාහිත්‍ය නිර්මාණ අතර රාමායණය , කාලිදාසයන්ගේ ගිත ගොවින්දය සේම ශේක්ස්පියර්ගේ ශෝඛාන්ත නාට්‍යයද විය.

සෞන්ද්‍රයවදියකු වූ එතුමා ගේ දැක්ම වුයේ ස්වභාවධර්මය හා අනුගතවෙමින්, පෞර්ෂත්වය වර්ධනය කර ,ළමයා ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳිමින්, සමබරව වර්ධනය විය යුතු බවයි. ඔහුට අනුව ගුණධර්ම වර්ධනය කල යුතුවන්නේ නිල් අහසේ පැතිරීම, සැන්දෑවේ නිසල බව , අරුණෝදයේ නව බලාපොරොත්තු පිබිදීම , දිදුලන රන්වන් තාරුකා වල කාන්තිය , හිරුගේ තේජස ,දරුවාගේ ජීවිතය අවදි කර ගැනීමෙනි. සොබාදහම යනු ගුණ ධර්මයකි. ගුණධර්ම ගොඩ නැගිය යුත්තේ සෞන්දර්යයේ ආත්මය තුලිනි.

17 වැනි වියේදී නිතිය හැදෑරීමට එංගලන්තයට පිටත් විය.එංගලන්තයේදී ඔපෙරා , සිම්ෆනි, ශේක්ෂ්පියර් නාට්‍ය ආදි බටහිර නිර්මාණ කෙරෙහි ආශාක්ත වූ රබින්ද්‍රයන් භානුසිංහ නමින් භක්ති ගීත රචනා කළේය.වාල්මිකී ප්‍රතිභා නමින් අයර්ලන්ත ගී තනු වල අභාෂය ලබමින් ගීත නාට්‍යයක්ද එළිදැක්විය.එමෙන්ම 1881 දී නිර්මිත කාල්ම්රිගොයා සහ තෙවන ගීත නාට්‍ය වු මායාර් බැලාහි ගීත වලටද ද බටහිර ආභාෂය ලැබ ඇත.

එංගලන්තයේ සිට පැමිණි තාගෝර්තුමා හුග්ලි නදිය අසබඩ වාසය ඇරඹි අතර ඔහු සොබාදහමට වඩාත් ලංවිය.ඔහුගේ සෑම නිර්මාණයකටම මුලද්‍රව්‍ය සැපයුවේ සොබදහමයි.සොබාදහමේ චමත්කාරය රබින්ද්රයන්ගේ සෑම නිර්මාණයකම සැඟවුණු සෞන්දර්ය වුයේ එලෙසිනි.ශිලෙයිදාවේ සමින්දාර් වූ ඔහු 1890 දී පද්මා නදියේ සිදුකල ගමන් වලදී එහි සුන්දරත්වයට වශී වී ඔරුවක් තනවා එහි වාසය කරමින් බොහෝ කලක් එම පාරිසරික සුන්දරත්වය විඳිමින් නිර්මාණ රාශියකට මුල පිරුවේය.

බෙංගාලි සංගීතය සහ සාහිත්‍යය ඇතුළු ඉන්දීය කලාවන්හි නුතනය ප්‍රවේශය දක්වා යොමු කිරීමට ඔහු දරු ප්‍රයත්නය මෙන්ම නුතන අත්දැකීම් ප්‍රකාශනය උදෙසා උචිත භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කිරීමද ඔහුගේ සුවිශේෂී කර්තව්‍යයක් වේ.බහුබාෂක ප්‍රාන්ත රැසක එකතුවක් වූ ඉන්දියාවේ ජාතික ගීය වූ ” ජන ගණ මන – අධි නායක ජය හේ ” ගීතය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනුවේ නොබෙල් සම්මානයකට පාත්‍රවූ මුල්ම ආසියතිකයා වීමේ ගෞරවයද ලබා ගනිමිනි. භාරතයේ පමණක් නොව ලොව සාහිත්‍ය අඹරයේ දිදුලන පහන් තරුවක් මෙන් එතුමා අධ්‍යාපනයේ සේම කලාවේද , නව මං පෙත් සොයා යන සැමට මග පෙන්වනු ඇත.

11/07/2022