සෙන්කොට්ටං ……….මම දුටු අයුරු

ශෙහාරා ශෂිප්‍රබා

පොතක් අස්සෙ උන්ගෙ ජීවිත
ලියවිලා ඇත කදුලකින්
දුකක් මැද්දෙ උන් ගෙවූ ඒ
ජීවිතේ හරි සුන්දරයි
පන්ති බේදෙත් තරාතිරමුත්
වියකිලා නැත ලෝකයක්
කිලිටි වූ රෙදි ශ්වේත කරනා
උන් තමයි බන් දෙවිවරුන්

අඩුව නැති කෝප්ප ඇති පැල්පතක්
දානෙටවත් ඉඩක් දෙන්නැති පන්සලක්
හැමදාම සමාජයෙන් කොන් වූ පන්තියක්
කදුලු හංගා ලෝකයට සිනාසූ මිනිසුන් රැලක්
තරාතිරමං පිරුණු ලෝකේ
අහිංසකයා තැලෙයි හැමදා
වලව්වේ නොලැබුණත් බත් කට
උන්ගෙ කුණු මුන් අතින් හෝදා
වලව්වෙන් දෙස් දෙවොල් ඇහුවා
ගහට වැලට ආදරේ දීලා
මනු සතුන්ට සෙනෙහෙ දීලා
තිරිසනුන්ගෙන් බැනුම් අහලා
රෙදි පොට්ටනිය කරේ එල්ලා
ලෝකයෙන් මියැකුණා උන් දැ.

සෙන්කොට්ටං ……….

දැනට සමාජයේ ජනප්‍රියතම නව කතාව . දවස් ගණනක් ඇස් දෙකෙන් කදුලු උතුරවපු කතාවක් . වීරප්පුලි හේනයා කියන ඒ අහිංසක උතුම් මනුස්සයාගේ පවුල වටා හරි ලස්සනට ගෙත්තම් කරමින් සමාජයේ අතීත කාලයේ සිට මෑත කාලයක් දක්වා පැවති පන්ති බේදය පිලිබද ලෝකයාට හරි අපූරුවට කියා දුන් කතාවක් .
ආදරේ ඉදිරියට පන්ති බේදය ඇවිත් අව්රුදු ගණනාවක් ඒ ආදරේ පපුව අස්සෙම සගවා තමන්ගෙත් ඔහුගෙත් පුතු වූ බබා හේනයාගේ ඒ රුව මව මවා ජීවිතය ගැට ගසාගෙන අවසානයේදි ඒ ආදරේ නාමයෙන්ම ජීවිතයෙන් සමුගන්නට සිදු වූ පොඩීනාගෙ කතාව.
ලොකු කෙල්ලත් නැති වූ , හීං කෙල්ලත් නැති වූ . මුනුපුරත් නැති වූ . මල්මා රිදී විතරක් ගෙදර ඇති වූ , ඒ පාලු වු ගෙදර බෝ පැලේ අසල ඉද දුක දරා ගන්නට බැරිම උණ තැන වත්තේම ගොරකා ගහේ ගෙල වළලා අවසන් හුස්ම පිටකල ඒ උත්තමයාගේ කතාව .

සෙන්කොට්ටං ………. මහින්ද ප්‍රසාද් මස්ඉබුල මහතාගේ ප්‍රතම නවකතා සoග්‍රහය වන මෙය මා මෙතෙක් කල් කියවූ පොත් අතුරින් ඉතාම උසස්ම ඝනයේ පොතක් කිවහොත් නිවැරදී . සමාජයේ පවතින. කුල බේදය මුල්කරගෙන රචනා කර ඇති මේ කෘතියේ ප්‍රදාන චරිතය වීරප්පුලි හෝනයායි.ඔහු ඔහුගේ දරු තිදෙනාගෙන්ම පසුව මහත් සේ ආදරය කලේ කිසිවෙකු නොදත් අනගිහාමිගේ ලෙයට පොඩීනගේ කුසින්දාව උපන් බබා හේනයා නම් කොලු පැටියාටය. “මට ඕනෑ උනේ මේ කොලු පැටියට පිo පොදක් රැස්කරාලා දෙන්ට…” සමාජයේ පවතිය කුල බේදය මෑත කාලයට එතරම් බලපෑමක් එල්ල නොකරත් අතීත සමාජයේ මුල් බැස තිබූ මහා වෘක්ෂයත් බදුය. කොන්වීන, අපහස,රිදවීම්, මේ සියල්ල ඔව්න්ට උරුමය. සාමාජයේ හැකිතාක් උපරිම ගැරහුම් , කොන්වීම් විද දරාගෙන අනුන්ගේ රෙදි වීරප්පුලි හේනයා තමාගේ දෑතින්ම පිරිසිදු කලේ එය දේව කාරියක් සේ සලකාය. එහෙත් අවසානෙට තමාගේ සරනට තමා අසල රැදුනේ ඒ පුංචි බෝ පැලය පමණි…… ලෝකයේ සත්ත්ය ස්වාභාවයද එයයි අප අනෙකාට කෙසේ උවත්, කෙසේ කලත්, අවසානෙට තමාට තමා පමණක් ඉතිරිවෙ….. පොඩීනා ගැන කිවහොත්……. රිදීවිට ඉපදුන ලස්සන රෝස මල. එක පිරිමි පරානයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතයව විදවලා ඒ පිරිමි පරානෙ වෙනුවෙන්ම අවසන් ගමන් ගියපු ඒ රෝස කුසුම.සාමාජ බේදේ නිසා ලoවෙන්නට ඉඩක් නැති උන ආදරය. ඒ ආදරේ පොඩීනා වින්දේ බබාහේනයාගෙ මූනෙන් අනගිහාමිගේ රුව මවමවාය. පොඩීනගේ අව්රුදු 8ක ඇත්ත ආදරේ එදා ඒ වෙහෙරහැර ගල් තලාව අස්සෙම වැලලිලා ගියා අනගිහාමි නම් තිරිසන් ආදරවන්තයාගේ ආදරේ සිහිවටනයක් විදියට…… පොතේ හරය ගැන කීවොත්…….. අදටත් ලoකාවේ මිනිස්සු අතර මේ වැඩකට නැති බොරු කුල බේදේ තියෙනවා. ඒවා නිසා ඒ මිනිස්සු විදවන තරම දන්නෙ උන් මිසක් වලව්වල නිලමෙලා, ආරච්චිලා, කුමාරිහාමිලා නෙමේ….. ඒ අහිංසක පවුල් කාරයෝ ජරා මිනිස්සුන්ගෙ ජරා වෙච්චි රෙදි පිරිසිදු කරලා දුන්නා මිසක් එයාලා කවදාවත් එයාලව ජරා කරගත්තෙ නෑ. ඒ දේ තෙරුම් ගන්න බැරි තරම් අපේ සමාජේ පහත් වගේම මෝඩයි. මේ කුල බේදේ නිසා මිනිස්සු කීදෙනෙක් විදවන්න ඇත්තද. ඒවගේම ගැනැනියකට තමන්ගේ දරුවා වගේම තමන්ගේ ආත්මගරුත්වේ තරම් වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ කියලා පොඩීනගේ චරිතේ තුලින් මනාව පෙන්නුම් කරනවා……… ……..සෙන්කොට්ටන් ……. තමාට ජීවිතේ කියා දෙන පොතක්. “….සමහර මිනිසුන් හෙලන ලද තරමක් ගනකම් සුසුම් හේතුවෙන් වාතලයේ යම් බරැති ස්වාභාවයක් දක්නට ලැබුණි….”