ආධ්‍යාපනික වැදගත්කමක් ඇති පින්තූර එකතුව

එඩියු හෙල්ප් අපේ වෑයම, වෙබ් අඩවියක් වශයෙන් අපට හැකි ආකාරයට ලංකාවේ සෑම පාසලක ම ඉගැන්වීම් කටයුතු සඳහා සම සේවාවක් සැපයීමයි. අපගේ පින්තූර බැංකුව ඉන් එකකි. ඔබගේ ප්‍රශ්නපත්‍රයට නිබන්ධනයට, පොතට හෝ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ ඉදිරිපත්කිරීමකට අවශ්‍ය සුපැහැදිලි පින්තූර රැසක් මෙහි තිබේ. මේවා වැඩි වශයෙන් ම සකසා ඇත්තේ අඩු වියදම් මුද්‍රණයක් පිණිස ය. එහි වැඩි වාසිය ලංකාවේ පිටිසරබද අඩු පහසුකම් සහිත පාසල් වලට ලැබෙනු ඇත. අනවශ්‍ය කළු පැල්ලම් රහිත සුපැහැදිලි රේඛා සිතුවම් එකතුව ඔබගේ මුද්‍රණ වැය අවම කරනු ඇත. පහත තේමා යටතේ ඔබට පින්තූර රැසක් ලබා ගතහැකි අතර ඉදිරියේ දී තවත් පින්තූර එකතු කරනු ලැබේ. මේවා නොමිලයේ භාවිත කළ හැකිය.

සමූහ වශයෙන් උපුටා පින්තූර එකතු වශයෙන් මුද්‍රිත මාධ්‍ය වල, සමාජ මාධ්‍ය වල හෝ වෙනත් කිසිදු මාධ්‍යයක පළකිරීම පමණක් තහනම් වේ.

පහත ඇත්තේ මෙහි ඇතුළත් තේමා කිහිපයකි.

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න