තිසූ ගේ කවිය (2022.07.22)

සංසාර චක්‍රය …

නිම් හිම් නැති වළල්ලකි
රිද්මයකි කැරකෙනා
නැවතුන තැන බිම වැටී
දගලනා… දැන් නිසොල්මන්ය
කිසිවෙකු හෝ කරකවමින්
නැවත එය දගලනා
දිගින් දිගටම සිදු වෙනා
කැඩෙන බිඳෙන
තැන් වල හමුවෙනා
කැඩී බිඳී සී සී කඩ
විසිරෙනා
එය බිඳී නිවන් මගට
පිවිසෙනා
තවදුරටත් නැත වළල්ලක්
ඇත්තේ එහි සුන් බුන් පමණකි
මෙතෙක් ආ ගමන නිමි
කාගෙවත් ආභරණයක් නොව එය මගෙ ත් නොව
අල්ලාගැනීමක් නැත
අත්හැරීමක් පමණකි
යදමින් වූ විලංගු නැත
නිදහසක් පමණකි
කෙලෙස් පව්වෙන් මිදෙන්නෙමි
මෙය වනාහී සංසාර
චක්‍රයක අරටුවයි.

තිසූ ..