හ්‍යුත් සාං හිමි / හියුං සාං  හිමි

සංචාරක චීන භික්ෂුවකි. හත්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්‍රන්ථ සොයා ක්‍රි. ව. හත් වන සියවසේ දී ඉන්දියාවට පැමිණ නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ හර්ෂවර්ධන රාජ්‍යකාලය පිළිබඳව අගනා විස්තරයක් කරති. පැරණි ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව උන්වහන්සේ ගේ සටහන් ද අතිශය වැදගත්ය. ඉන්දීය රජවාසල ආශ්‍රිතව ලේඛනාගාරයත් පවත්වාගෙන ගිය බැව් උන් වහන්සේ සිය වාර්තා වල දක්වා අත. මෙය සත්‍යයක් විය හැක. සින්ධ්, කාශ්මීර, ගුජරාටි, නේපාල ආදී ප්‍රාදේශීය රාජ්‍ය වල වංශකතා පවත්වාගෙන යාමට උත්සාහ ගෙන තිබීමෙන් ඒ බව සනාථ වේ. ගුජරාටයේ ‘රාඝමාලා’, ‘කීර්තිකෞමුදි’, ‘සුක්රිත සංකීර්තන’, ‘ප්‍රබන්ධ චින්තාමණි’, ‘ප්‍රබන්ධකෝෂ’, වැනි කෘති ද, සින්ධ් ප්‍රදේශයේ ‘ඡවිනාමය’ ද, නේපාලයේ ‘වංශාවල’ ද යනුවෙන් වංශකතා හා වෙනත් ඉතිහාස ග්‍රන්ථ දක්නට ලැබීමෙන් ඒ බව පෙනී යයි.  කපීස නම් ස්ථානයේ තිබූ ස්ථූපයක් පිළිබඳවත්, ෆාහියන් හිමි දුටු ධෘතු මන්දිරය පිළිබඳවත් සඳහන් කර ඇත. කාශ්මීරයේ පැවත්වූ සිව්වන ධර්ම සංඝායනාවේ මූලකත්වය දැරුවේ වසුමිත්‍ර හිමි බව සඳහන් කර ඇත.