වෛදික සාහිත්‍යය

මෙම වර්ගයට අයත් වන්නේ වේද ග්‍රන්ථ ඇතුළුව ක්‍රිස්තු පූර්ව 5වන සියවසට පෙර රචනා වූ කෘතින් වේ. සෘග්වේදය, හා පශ්චාත් වෛදික යුගයේ ලියැවුණු යජුර්, සාම, අතර්වන් වැනි වේද, බ්‍රාහ්මණ ග්‍රන්ථ, උපනිෂද් ග්‍රන්ථ, පුරාණ නමැති ග්‍රන්ථ, වේදාංග, උපවේද ආදිය මීට ඇතුළත් වේ. මේවායෙන් පැරණි ඉන්දීය ආගමික, ආර්ථික, දේශපාලන, සමාජ ආදී තොරතුරු ගවේෂණය කළ හැකි වේ.