වේද

වෛදික සාහිත්‍ය ග්‍රන්ථ අතරින් සතරක් මේ නමින් හැඳින්වේ. ඍග්, යජුර්, සාම හා අතර්ව වශයෙනි. නමුත් බෞද්ධ සාහිත්‍යයේ නම් වශයෙන් නොදැක්වුව ද (ඍග්වේදාදී) වේද 03ක් ගැන කියැවේ. ‘තින්නං වේදානං පාරගු’ යන්නෙන් එය හෙළි වේ. ඊට අනුව සිවුවන වේදය බෞද්ධ යුගයට පසුව ලියැවී ඇතැයි සැලකිය හැක.

වේද සාහිත්‍යය ප්‍රබල ඉතිහාස මූලාශ්‍රය නොවූව ද ඒවායින් ඉතිහාස තොරතුරු යම් ප්‍රමාණයකට හෙළිකරගත හැකි වේ.